අලානාගේ හාදුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 7, 2021

අලානාගේ හාදුව

අලානා පාණ්ඩේ බොලිවුඩයේ කැපී පෙනෙන සුරූපිණියකි. අලානා පාණ්ඩේ, අනන්‍යා පාණ්ඩේගේ ඥාති සොහොයුරියයි. අලානා ජනප්‍රිය බොලිවුඩ් තරුවක් නොවුවත් ඇය ජනප්‍රියය. ඒ, නිරූපිකාවක් ලෙස සහ අන්තර්ජාල තරුවක් ලෙසය. ඉන්ස්ටග්‍රෑම් හරහා ද නිරතුරුව අලානාගේ සරාගී ඡායාරූප දැකගත හැකිය.

මේ වනවිට, 26 හැවිරිදි අලානා ගැන ඉන්දීය මාධ්‍ය වැඩි වැඩියෙන් කතා කිරීමට පටන් ගෙන තිබේ. ඊට හේතුව, ඇය මාලදිවයිනේ සුන්දර මුහුදු වෙරළක සිට ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූපයකි. එම ඡායාරූපයේ අලානා ඇගේ පෙම්වතා වන අයිවෝර් ට හාදුවක් දෙයි. ඒ, අලානා සහ අයිවෝර්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවීමත් සමඟය. 

 NDTV ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය අලානාගේ හාදුව ගැන පුවත් පළ කළේ ඇගේ විවාහ ගිවිස ගැනීම සම්බන්ධයෙන් සුබ පතමිනි. අයිවෝර් ඇමෙරිකන් තරුණයෙකි. අලානා ට අයිවෝර් හමුවූයේ මීට වසර දෙකකට පෙර ඇමෙරිකාවේ පැවැති හැලෝවීන් සාදයකදීය. 

දෙදෙනා මුල් හමුවේ පටන් හොඳ සමීප මිතුරන් බවට පත් වූ බවඅලානාගේ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන්ට රහසක් නොවෙයි. ඊට හේතුව තමන්ගේ හොඳම මිතුරා යැයි අලානා, අයිවෝර්ගේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කිරීම නිසාය. 

විවාහ ගිවිසගත් බව පවසා මුහුදු වෙරළේ දී අයිවෝර් සිප ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධ කරමින් අලානා සිය අදහස් දැක්වීමක් ද කර තිබේ. 
''මෙතරම් කෙනකුට ආදරේ කරන්න පුළුවන්දැයි මා දැන සිටියේ නැහැ. හැමදාම මා සිනහවෙන් තබනවාට, කොන්දේසි විරහිතව මට ආදරේ කරනවාට ස්තුතියි. මේ ලෝකයේ සතුටින්ම සිටින කෙනා මම කියලයි අද මට හිතෙන්නේ. අයිවෝර් ඔයත් එක්ක අලුත් ජීවිතයක් අරඹන්න මා නොඉවසිල්ලෙන්'' යැයි අලානා පවසයි.

අයිවෝර්ගේ නිවස ඇත්තේ කැලිෆෝනියා ජනපදයේය. අලානා අවස්ථා ගණනාවකදී ඇමෙරිකා ගියේ ද අයිවෝර් හමුවීමටය. මෙම වසර මුලදී අයිවෝර් මුම්බායි නුවරට පැමිණි අතර එහිදී ඔහු අලානාගේ මාපියන් ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන් හමුවිය. අලන්නාගේ මව ඩියැන් පාණ්ඩේ බොලිවුඩයේ ජනප්‍රිය ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිනියකි. ඇයට ඇත්තේ ස්කොට්ලන්ත සම්භවයකි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom