'දාම්', 'ඉන්ටර්නැෂනල්' ආදී පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසකින් ජනප්‍රිය වූ යෙහාලි ටාෂියා කාලිදාස මේ වනවිට පුවත් මවන්න සමත් වී සිටී. බොහෝ වෙබ් අඩවි ඇය හඳුන්වා දෙන්නේ, යොහානිට පසු ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික සුපිරි තරුව ඇය බවය. ඊට හේතුව ඇය පාකිස්තාන ටෙලි කතා මාලාවකට සම්බන්ධ වී සිටීමය.
Sinf-e-Aahan නමැති මෙම කතා මාලාව දිරිය සෙබළියන් පිරිසක් වටා ගෙතෙයි. මෙම ටෙලි කතා මාලාව ශ‍්‍රී ලංකා යුද හමුදාවත් පාකිස්ථානයත් එක්ව කරනු ලබන නිර්මාණයක් වන අතර, ශ‍්‍රී ලංකා යුද හමුදාව මැදිහත් වී ටාෂියා ට මෙම නිර්මාණයට සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව පසුගිය කාලයේ ටාෂියා පාකිස්තානයට ගියේ Sinf-e-Aahan රංගන කටයුතු සඳහාය.
ටාෂි ගැන විස්තර කීවොත් ...
මගේ නම යෙහාලි ටාෂියා කාලිදාස. තාම ඉගෙන ගන්නවා. 2022 වසරේදී තමයි උසස්පෙළට පෙනී ඉන්නේ. මගේ ගම නුවර. පවුලේ විස්තර කිව්වොත් මමයි, අක්කයි, අම්මයි, තාත්තයි විතරයි ඉන්නේ. පවුලෙ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. අම්මා ගෘහනියක්. තාත්තා සංචාරක අංශයේ වැඩ කරන්නෙ. පවුලේ අක්කා චීනයේ සිට උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා.
රංගනයට එකතු වෙන්නේ?
මම මුලින්ම වෙළෙඳ දැන්වීම සඳහා තමයි සම්බන්ධ වුණේ. මම දැන්වීම ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්. ඒ මගේ ෆොටෝස් ඉන්ටග්‍රෑම්එකෙන් දැකලා චතුර ෆෙරෝෂ් තමයි කතා කරන්නේ. පළමු වෙළෙද දැන්වීම තමයි චෙකර්ස් කුකීස්. කොමර්ෂල් බෑන්ක්, හච්, පෙප්සි, මෝර්ටීන්, පීසා හට්, සතොස, AMW, SLTC Campus, සන්ලයිට්, මැගී පපරේ කොත්තු, MD සෝස් ආදී වෙෙළඳ දැන්වීම්වල පෙනී සිටියා. ඊට පස්සේ තමයි මම ඉන්ටර්නැස්නල් ටෙලි නිර්මාණයට එකතු වෙන්නේ. අම්මා තමයි මාව ගොඩක් උනන්දු කළේ ඊට සහභාගී වෙන්න.
රංගනය ඔබේ පාසල් හීනයක්ද?
නැහැ. මගේ හිතේ මේ රංගන කේෂේත්‍රය ගැන හීනයක් තිබුනේ නැහැ. මගේ හීනේ තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්නයි. අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආවේ. හැබැයි ආසාවෙන් එහි වැඩ කටයුතු කරන ගෙන යනවා.
ඉතිං අධ්‍යාපනයට බාධාවක් නැද්ද?
මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ පෞද්ගලික අංශය ඔස්සෙයි. ඉතිං ඒ නිසා ඒ වැඩ කටයුතුත් එක්ක අධ්‍යාපනය සමබරව කරගෙන යනවා.
අම්මා තාත්තාගෙන් ලැබෙන සයහෝගය?
ඒ සහයෝගය මට ලොකු ශක්තියක්. ඒ දෙන්නා තමයි මේ දෙයට වැඩියෙන්ම කැමති. මම ඉන්නේ නුවර අම්පිටියේ. කොළඹ තමයි ෂූටින් තියෙන්නේ. තාත්තා මාව ෂූටින් දවස්වලට නුවර ඉඳන් කොළඹ එක්ක එනවා.
ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරෙදි දැක්කත් ගොඩක් අය අඳුරගෙන කතා කරනවා. ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඔස්සෙත් බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාර තමයි මාව දිරි ගන්වන්නේ.
ඡායාරූප - මුහුණු පොතෙන්