බාබඩෝස් රැජිනගෙන් වෙන් වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 1, 2021

බාබඩෝස් රැජිනගෙන් වෙන් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබඩෝස් දූපත් රාජ්‍යය, බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී, ජනරජයක් බවට පත්විය. 

බාබඩෝස් ජනරජයක් වීම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින නියෝජනය කළ චාල්ස් කුමරුන්ය. ජනරජයක් වීමත් සමඟ රටේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයෙකි. ජනාධිපතිවරයාට පහළින් සිටින්නේ අග්‍රාමාත්‍යවරයාය. 

පළමු ජනාධිපති ලෙසත් අග්‍රාමාත්‍යවරිය ලෙසත් එම ධුරවලට පත් කරගෙන ඇත්තේ කාන්තාවන් වීම විශේෂත්වයකි. ජනාධිපති ධුරය සඳහා පත් කර ගැනුණේ සැන්ඩ්‍රා මේසන්ය. ජනරජයක් වුණු බාබඩෝස් රාජ්‍යයේ වැසියන් වෙනුවෙන් දෙවැනි එලිසබත් මහ රැජින සුබ පැතුම් එක් කළාය. 

බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් අගනුවර, විරුවන්ගේ චතුරස්‍රයේ පැවැත්වුණු උත්සවයේ දී එම සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළේ චාල්ස් කුමරුන්ය. බාබඩෝස් දූපතට පළමුවෙන් බ්‍රිතාන්‍ය වෙළෙඳ නැව් පැමිණ ඇත්තේ මීට වසර 400කට පමණ පෙරය. අද බාබඩෝස් හි ජනගහනය ලක්ෂ 3 ක් බව පැවැසෙයි. 

බාබඩෝස් ජනරජයක් වීමේ විශේෂ උත්සවයට සමගාමීව, බාබඩෝස් ජාතික ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ද වන රියානා ජාතික වීරවරියක් ලෙස නම් කිරීමට ජනාධිපතිනී සැන්ඩ්‍රා මේසන් කටයුතු කළාය. 

ජනාධිපති ලෙස මේසන්ගේ පළමු කාර්යය වූයේ මෙය යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. රියානා බටහිර රටවල ජනප්‍රිය තරුවකි. බාබඩෝස් නාමය ලොවට ගෙන ගිය තරුවක් ලෙස ඇය බාබඩෝස් වැසියන්ගේ ආදරය සහ ගෞරවය දිනාගෙන ඇත. 33 හැවිරිදි රියානා විලාසිතා නිර්මාණ ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරික කාන්තාවක ද වෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom