සුඩාන අගමැති හැම්ඩොක් ධුරයෙන් ඉවත් වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2022

සුඩාන අගමැති හැම්ඩොක් ධුරයෙන් ඉවත් වෙයි

සුඩාන අග්‍රාමාත්‍ය අබ්ඩාලා හැම්ඩොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, තමන් අපේක්ෂා කරන අන්දමින් තමන්ට රටට නායකත්වය ලබා දීම කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

2019 වසර වනතුරු සුඩානයට නායකත්වය දුන්නේ ජනාධිපති ඕමාර් අල් බෂීර් ය. ජනතා අප්‍රසාදය දිගින් දිගටම එල්ල​ වෙද්දී, අල් බෂීර් ජනාධිපති ධුරයෙන් ඉවත් වූයේ ඔහුට ඉවත් වෙන්නැයි සුඩාන වැසියන් දිගින් දිගටම විරෝධතා පැවැත්වූ නිසාය. 

ඒ අනුව සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස අබ්ඩාලා හැම්ඩොක් ට රටේ පාලන බලය පැවැරිණි. ජනතාව අපේක්ෂා කළ ආකාරයේ ‘දේශපාලනික වෙනසක්’ සිදු නොවුණු බැවින් දිගින් දිගටම විරෝධතා එල්ල විය. 

 සුඩාන හමුදාව කුමන්ත්‍රණය කරමින්, අබ්ඩාලා හැම්ඩොක් ධුරයෙන් නරපා දමමින් බලය අල්ලා ගත්තේ ඔක්තෝබර් 25 වැනිදාය. කෙසේ නමුත් ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම එල්ල වුණු පීඩනය හමු​වේ හමුදා පාලනයට සිවිල් මුහුණුවරක් මේ අරමුණින් නොවැම්බර් මාසයේ හැම්ඩොක් යළි බලයේ පිහිටුවීමට හමුදා ප්‍රධානීහු කටයුතු කළහ.

‘රට දිනෙන් දින අගාධයට යනවා. එය නැවැත්වීමට හැකි තරම් මා උත්සාහ ගත්තා. සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මා ඉල්ලා අස්වීමට තීරණය කළා‘ යැයි හමුදා ප්‍රධානීන් වෙත ඉල්ල අස්වීමේ ලිපිය බාර දී ධුරයෙන් සමුගනිමින් අබ්ඩාලා හැම්ඩොක් පැවැසීය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom