රංගනයට ආ 'සවර්ණ කුමරිය' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 22, 2022

රංගනයට ආ 'සවර්ණ කුමරිය'

යොවුන් රංගන ශිල්පිණියක් ලෙස කාගෙත් ආදරය දිනා සිටින ඔමන්දි වික්‍රමආරච්චි සමගින් මෙවර අපි කතා බහා කළේමු. කලා ක්ෂේත්‍රයට නවකයෙක් වුවද මේ වන විට ඇය විවිධ කලා නිර්මාණ බොහෝමයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ සිටී. මේ 'සාරවිට' වෙබ් අඩවිය සමඟ ඇය  කළ කතා බහය. 

මේ දිනවල ඔබව අපිට දකින්නේ ලැබෙන්නේ මොන නිර්මාණ හරහාද? 
දෙරණේ  ‘දියණි’ ටෙලි නාට්‍යයේ මම රඟපානවා. ධනුෂ්ක අයියාගේ සිරසේ යන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය තුළිනුත් මාව දකින්න පුළුවන්. ඊට අමතරව ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ ඉන්නවා. හිරු නාළිකාවේ මේ දිනවල යන ‘දිවිතුරා’ වගේම ‘119’ ටෙලි නාට්‍යයවලත් මම පෙනි ඉන්නවා. 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ කිහිපයකත් වැඩ නේද? 
ඔව්, දෙරණේ විකාශය වීමට නියමිත ‘රාවණා’ තුන්වැනි කතාමාලාවේත් මම ඉන්නවා. ඊට අමතරව රනිල් කුලසිංහ අයියාගේ අලුත්ම ටෙලි නාට්‍යය ‘බූමි’ ටෙලි නාට්‍යයේ වැඩවලටත් මේ දිනවල සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යය හා විවිධ කලා නිර්මාණ බොහෝමයකට සම්බන්ධ වෙන්න ආරාධනා මේ වනවිට ලැබිලා තියෙනවා මට. 

ඔබ අවුරුදු කුමරියක් කිව්වොත් හරි නේද? 
2017 තිබුණ ‘ස්වර්ණ කුමරිය’ තරගයට ඉදිරිපත් වෙලා එහි අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයට එන්න පාර හැදුණේ ඕතැනින්. ඊට පස්සේ තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ මට. 

ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහටද? නැත්නම් රංගන ශිල්පිණියක් විදිහටද? 
නිරූපණ ක්ෂේත්‍රයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. නිරූපිකාවක් විදිහට වැඩ කරමින් ඉන්න කොට තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ. අද රංගන ශිල්පිණියක් විදිහට කාර්යබහුල වුණත් මම තවමත් නිරූපණ පැත්තටත් යොමු වෙලා වැඩ කරනවා. 

පාසල් යන කාලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද? 
සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම ගුවන් හමුදා සේවයේ වැඩ කළා. එහිදි ගුවන් හමුදා නාට්‍යය තරගාවලියේ හොඳම නිළිය ලෙස සම්මාන පවා මම දිනා ගත්තා. 

දැන් ඔබ මේ ක්ෂේත්‍රවල ස්ථාවර වෙලාද?
නැහැ මම හිතන්නේ තවමත් මම මේ ක්ෂේත්‍රය තුළ මුල් අදියරයේ ඉන්නේ කියලා. මට මේ ක්ෂේත්‍රය තුළ ගොඩක් දුර යන්න තියෙනවා. ‘119’ ටෙලි නාට්‍යයේ විතරයි මම තවම ප්‍රධාන චරිතයක් කළේ. ඒ හින්දා මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙමින් ඉන්නවා කිව්වොත් හරි. 
හැදැරීමකින් තොරව මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න බැහැ නේද? 
ඔව්, මේ ක්ෂේත්‍රය තුළ විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක ඒ ගැන දැනුමක්, හැදෑරිමක් නැතුව රැඳිලා ඉන්න අමාරුයි. අද වුණත් මම හැම වෙලාවේම උත්සාහ කරනවා රංගනය කියන දේ දිනෙන් දින ඉගෙන ගන්න. 

උදව් කළ අය ගැනත් මතක් කරමුද?
‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නයක අයියාව මතක් කරන්න ඕනා. තුෂාර තෙන්නකෝන් සර්, රනිල් කුලසිංහ අයියා වගේම සිරිකත පුවත්පතේ සජිව ලක්ෂාන් අයියා, රූපලාවන්‍ය ශිල්පිනි දර්ෂි රාජපක්ෂ මතක් කරන්න ඕනා. මගේ ඡායාරූප ශිල්පි මල්ෂාන් විජේතිලක මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනි මේකලා අබේකෝන් හා ඡායාරුප ශිල්පි ලසිඳු මධුවන්ත මතක් කරන්න ඕනා. මෙකද, මුලින්ම මම ඡායාරූපයකට පෙනි හිටියේ ඒ දෙන්නා නිසා. 

 ෴ බුද්ධික සේනාධීර 
    උපුටා ගැනීම - සාරවිට

Classified_Ad

Classified_Ad_News_Bottom