'තුර්කිය' Türkiye වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 3, 2022

'තුර්කිය' Türkiye වෙයි

නිදහස් ජනරජයක් වී වසර 100 කට පසු 'තුර්කිය', 'තුර්කිය' Turkey යන නම වෙනස් කිරීමට තීරණය කර ඇති අතර, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අනුමැතිය හිමිවී තිබේ. 

ඒ අනුව, මින් ඉදිරියට තුර්කිය හැඳින්වෙන්නේ 'තුර්කියේ' Türkiye යනුවෙනි. තුර්කිය ඉංග්‍රිසී බසින් හැඳින්වෙන්නේ 'ටර්කි' යනුවෙනි. මෙය බටහිර වැසියන් තුර්කිය හැඳුන්වන ආකාරයයි. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් බටහිර වැසියන් තුර්කිය හඳුන්වන නාමය බැහැර කිරීමට තීරණය කළේ මීට මාස කීපයකට පෙරය.

ඒ අනුව, තුර්කි වැසියන් තුර්කිය හැඳුන්වන 'තුර්කියේ' යන නාමයෙන් මින් ඉදිරියට තුර්කිය හඳුන්වනු ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මේ බව සනාථ කරමින් විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ.

අප්‍රිකා මහද්වීපය, මැදපෙරදිග කලාපය හරා යුරෝපයට පිවිසෙන 'දොරටුව' ලෙස සැලකෙන්නේ තුර්කියයි. තුර්කිය බටහිර හිතවාදී රාජ්‍යයක් වන අතර රුසියන් ජනාධිපති පුටින්ගේ ද සමීප මිතුරෙකි. එපමණක් නොව, තුර්කිය 'නෝටෝ' සාමාජිකයෙකි.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad