දිනෙන් දින ඉහළට යන රෂ්මිකා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 14, 2022

දිනෙන් දින ඉහළට යන රෂ්මිකා

රෂ්මිකා මන්දනා සිනමාලෝලීන්ගේ ආදර දිනූ නිළියක. ඇය රංගන ක්ෂේත්‍රයට පැමිණ ගතවී ඇත්තේ වසර හතක් තරම් කෙටි කාලයක් වුවත්, ඇය ඉතා ජනප්‍රියයය. 26 හැවිරිදි රෂ්මිකාගේ ජනප්‍රියත්වය චිත්‍රපටයෙන් චිත්‍රපටයට වැඩි වෙනවා මිසක් අඩුවන බවක් පෙනෙන්න නැත. 

කර්ණාටක නිළියක ලෙස රෂ්මිකා රිදී තිරයට අවතීර්ණ වූයේ 2016 වසරේ Kirik Party චිත්‍රපටයෙනි. Kirik Party සාර්ථක වූවා පමණක් නොව, රෂ්මිකා ඉහළට ගෙන යෑමට එය සමත් විය. රෂ්මිකා අද බොක්ස් ඔෆිස් නිළියකි. කණ්ණාඩ, තෙලිඟු සහ දෙමළ චිත්‍රපටවලින් අද රෂ්මිකාගේ රංගනය දකින්න ලැබේ. ඇය රංගනයෙන් එක් වුණු සෑම චිත්‍රපටයක් ම සාර්ථක වී තිබේ. 

පළමුවෙන් රෂ්මිකා, කර්ණටක සිනමාලෝලීන්ගේ ‘ක්‍රෂ්’ Karnataka's Crush එක වූවාය. රෂ්මිකා තමන්ට පමණක් හිමි නැතැයි කර්ණාටක සිනමාලෝලීන්ට වැටහෙද්දී ඇය සැමගේ ‘ක්‍රෂ්’ එක වූවාය. එවිට රෂ්මිකා හැඳින්වූයේ ‘ක්‍රෂ්මිකා’ යන Crushmika නමිනි. පසුගිය 2021 වසරේ Pushpa: The Rise චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ රෂ්මිකා ‘ජාතික ක්‍රෂ්’ එක National Crush බවට පත් වී හමාරය. 

විජේගේ නවතම චිත්‍රපටයට පමණක් නොව, බොලිවුඩ් ජනප්‍රිය නළු රන්බීර් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ඇනිමල්’ චිත්‍රපට ද රෂ්මිකා එක් වී සිටී. පුෂ්පා තිරගත වුණේ පසුගිය අවුරුද්දේ. තවමත් එය ජනප්‍රියයි. 
ඔබේ චරිතය ජනප්‍රියයි. එහෙම නේද? 
චිත්‍රපටයක් කොතරම් රසික රසිකාවියන්ට සමීප වෙනවාද නැද්ද තීරණය කරන්න වෙන්නේ එය තිරගත වූ පසුවයි. පුෂ්පා අසාමාන්‍ය විදියේ චිත්‍රපටයක්. තිර රචනයේ පටන් හැමදේම බොහොම අපූරුවට සිදුවුණා. එහි කොටස්කාරියක වෙන්න මට ඉඩ ලැබුණා. ඒක ආඩම්බරයක්.

පුෂ්පා චිත්‍රපටයෙන් පසු සිනමා ක්ෂේත්‍රයෙන් ලැබුණු ප්‍රතිචාර මොනවාද?
හැමෝගෙම ආදරේ තමයි ලැබුණේ. පුෂ්පා ලොව පුරා ජනප්‍රිය වුණා. මං කොහේ ගියත් හැමෝම මට ශ්‍රීවල්ලි කියලයි කතා කරන්නේ. 
පුෂ්පා, KGF: Chapter 2 සහ RRR දකුණු ඉන්දීය සිනමා නිර්මාණ. මේවා ඉන්දියාව පුරා සිනමාහල් දෙවනත් කළා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? 
මේ හැම චිත්‍රපටයකින්ම ඉන්දීය සිනමාවේ එක් වීමක් දකින්න ලැබෙනවා. කණ්ණාඩ, මලයාලම් තෙලිඟු, දෙමළ, බොලිවුඩ් ලෙස නොබෙදුණු සිනමාවක් මට දකින්න ලැබෙනවා. ඒක සතුටක්. ඉන්දීය සිනමාව මෙසේ දියුණුවට පත් වීම ගැන මට හරිම ආඩම්බරයි.

෴ උපුටා ගැනීම - Filmfare

Classified_Ad

Classified_Ad_News_Bottom