'මර්බර්ග්' ගැන සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 20, 2022

'මර්බර්ග්' ගැන සෞඛ්‍ය අංශ විමසිල්ලෙන්

'මර්බර්ග්' වයිරස Marburg Virus ව්‍යාප්තිය ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත්, දෛනිකව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආසාදිතයන් පිළිබඳ දැනුවත් කරන බවත් ඝානා සෞඛ්‍ය අංශ පවසයි. ඝානා යනු අප්‍රිකා රාජ්‍යයක් වන අතර, 'මර්බර්ග්' යනු අප්‍රිකා රටවලින් වාර්තා වන වයිරසයකි.

කෙසේ නමුත් මේ වනවිට ඝානා රාජ්‍යයේ 'මර්බර්ග්' ආසාදිතයන් අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් පවතී. මෙම වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි. ඝානා සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ඊයේ (19) වනවිට එරටින් හඳුනා ගැණුනු 'මර්බග්' වයිරස ආසාදිතයන් ගණන 98 කි. මරණ දෙකක් ද වාර්තා වෙයි.

'මර්බර්ග්' වයිරසය Marburg Virus පළමුවෙන් හඳුනා ගැණුනේ 1967 දී ජර්මනියෙන් සහ එවකට පැවැති යුගොස්ලාවියා රාජ්‍යයෙනි. ජර්මනියට සහ යුගොස්ලාවියාවට වයිරසය ව්‍යාප්ත වී ඇත්තේ අප්‍රිකාවෙන් ගෙනා වඳුරන්ගෙනි. අප්‍රිකානු රටවල ඒ වනවිටත් වයිරසය ව්‍යාප්ත වෙමින් තිබුණි. මෙය ඉබෝලා පවුලට අයත් සාමාජිකයෙකි. උණ, සීතල ගතියක් දැනීම සහ මාංශපේෂී වේදනාව රෝග ලක්ෂණය.‍

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad