අලි බබාලාගේ පළමු උපන් දිනය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 2, 2022

අලි බබාලාගේ පළමු උපන් දිනය

පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත පසුගිය වසරේ අගෝස්තු 31 වන දින සිදුවූ අතර එම අලි පැටවුන් දෙදෙනා පසුගිය දා සිය පළමු උපන් දිනය සැමරූහ. 

සුරංගි නම් මවට හා පණ්ඩු පියාට දාව මෙලොව එළිය දුටු එම නිවුන් අලි පැටවුන් වන සජ්ජන හා දිසා ලෙස නම් කර සිටිති. ඔවුන්ගේ පළමු වන උපන්දිනය වෙනුවෙන් පින්නවල අලි අනාථාගාරයේ චාම් උත්සවයක් ද සංවිධානය කර තිබිණි. 

මහා සංඝරත්නයේ සෙත පිරිත් ආශීර්වාද මධ්‍යයේ කේක් ආකෘතියට තැන්පත් කර තිබූ පළතුරුවල රස විඳින්නට ද පැටවුන්ට අවස්ථාව ලැබිණි. 
මෙම උත්සවයට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත, අධ්‍යක්ෂ (මෙහෙයුම්) අනෝමා ප්‍රියදර්ශනී හා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික ආචාර්ය ජගත් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. 

අලි අනාථාගාරය නැරඹීමට පැමිණ සිටි සංචාරකයන් ද මෙම උත්සවයට සම්බන්ධ විය. 

෴ ඩයනා උදයංගනී
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad