බංග්ලාදේශය පරදා සුපිරි වටයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 2, 2022

බංග්ලාදේශය පරදා සුපිරි වටයට

ඉතාමත් තියුණු තරගයකින් පසු, බංග්ලාදේශයට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘B’ කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. 

ලැබූ පරාජයත් සමග බංග්ලාදේශයට අසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ‍නොලබා හිස් අතින්ම ආපසු යෑමට සිදුවෙයි. ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් පමණක් දැවී 184 ඉලක්කය සපුරාගත්හ. 

විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මින් පෙර ලකුණු 194 ක් හඹාගොස් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේද බංග්ලාදේශය එරෙහිව වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි අසිත ප්‍රනාන්දු (නොදැවී 10) තමා මුහුණදුන් පන්දු 3 න් 2 ක්ම හතරේ සීමාව කරා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවතට ගෙනාවේය.

බංග්ලාදේශය
මෙහෙදි හසන් මිරාස් - ප.හසරංග                   38
සබීර් රහමන් - ඇ.කුසල් ප.අසිත                      5
සකීබ් අල් හසන් - ප.තීක්ෂණ                        24
මුෂ්ෆිකුර් රහීම් - ඇ.කුසල් ප.චාමික                  4
අෆීෆ් ‍හොසේන් - ඇ.හසරංග ප.මධුෂංක         39
මහමදුල්ලා රියාද් - ඇ.චාමික ප.හසරංග         27
මොසැඩ්ඩෙක් හොසේන් - නොදැවී                24
මෙහෙදි හසන් - ක.මු. කළා ප.චාමික               1
ටස්කින් අහමඩ් - නොදැවී                              11
අතිරේක                                                       10
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී             183

කඩුලු වැටීම :
1-19(සබීර්), 2-58(මිරාස්), 3-63(මුෂ්ෆිකුර්), 4-87(සකීබ්), 5-144(අෆීෆ්), 6-147(මහමදුල්ලා), 7-159(මෙහෙදි),

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-26-1, මහීෂ් තීක්ෂණ 4-0-23-1, අසිත ප්‍රනාන්දු 4-0-51-1, වනිඳු හසරංග 4-0-41-2, චාමික කරුණාරත්න 4-0-32-2

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.මුස්තෆිසුර් ප.ඉබාදත්      20
කුසල් මෙන්ඩිස් - ඇ.ටස්කින් ප.මුස්තෆිසුර්     60
චරිත් අසලංක - ඇ.මහමදුල්ලා ප.ඉබාදත්         1
ධනුෂ්ක ගුණතිලක - ඇ.ටස්කින් ප.ඉබාදත්     11
භානුක රාජපක්ෂ - ඇ.නයීම් ප.ටස්කින්            2
දසුන් ශානක - ඇ.මෙ‍ාසැඩ්ඩෙක් ප.මෙහෙදි    45
වනිඳු හරසංග - ඇ.මෙහෙදි ප.ටස්කින්              2
චාමික කරුණාරත්න - දුවද්දී දැවී ගියා            16
මහීෂ් තීක්ෂණ - නොදැවී                                 0
අසිත ප්‍රනාන්දු - නොදැවී                                10
අතිරේක                                                       17
එකතුව ඕවර 19.2 කදී කඩුලු 8 ක් දැවී          184

කඩුලු වැටීම :
1-45(පැතුම්), 2-48(චරිත්), 3-67(ධනුෂ්ක), 4-77(භානුක), 5-131(කුසල්), 6-139(වනිඳු), 7-158(දසුන්), 8-171(චාමික)

පන්දු යැවීම :
මුස්තෆිසුර් රහමන් 4-0-32-1, ටස්කින් අහමඩ් 4-0-24-2, සකීබ් අල් හසන් 4-0-31-0, ඉබාදත් හොසේන් 4-0-51-3, මෙහෙදි හසන් 2.2-0-30-1, මෙහෙදි හසන් මිරාස් 1-0-11-0

Classified_Ad