ශ්‍රී ලංකන් කාන්තා ගුවන් යානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 9, 2023

ශ්‍රී ලංකන් කාන්තා ගුවන් යානය

පසුගිය 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, කටුනායක ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ තිරුචිරප්පල්ලි නුවර ත්‍රිචි ගුවන්තොටුපොළ දක්වා කාන්තාවන්ගෙන් පමණක් යුත් ගුවන්යානයක් පියාසර කරවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබිණි. 

කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලයක් පමණක් යොදවා සිටි මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කටයුතු කළේ කපිතාන් චාමිකා රූපසිංහ මහත්මිය වන අතර, සහාය ගුවන් නියමුවරිය වූයේ පළමු පියාසර නිලධාරී බිමාලි ජීවන්දර මහත්මියයි. 

ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල, ගුවන් සේවිකා ලක්මිණි දිසානායක, ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල යන අය ද මෙම කාර්ය මණ්ඩලය නියෝජනය කළහ.

මෙම ගුවන් ගමන සදහා ඒ - 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදාගෙන තිබූ අතර, යූ.එල්- 131 දරන එම ගුවන් යානය ගුවන් මගීන් 67 දෙනකු රැගෙන අද උදෑසන 8.10 ට ඉන්දියාවේ ට්රිවචි නුවර බලා ගමන් ඇරඹීය. 

 එම ගුවන් යානය දහවල් 11.10 ට ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙ කටුනායක ගුවන් තොටුපළ වෙත නැවත පැමිණ තබිණි.

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad