ෆාරා රූමි ස්ට්සර්ලන්ත පාර්ලිමේන්තුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 2, 2026

ෆාරා රූමි ස්ට්සර්ලන්ත පාර්ලිමේන්තුවට

ස්විට්සර්ලන්තයේ ජාතික සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දෙවන උප සභාපතිවරිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන ෆාරා රූමි නිල වශයෙන් තේරී පත් වී සිටී. ස්ට්සර්ලන්ත ෆෙඩරල් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා වන්නේ ඇයයි. 

34 හැවිරිදි ෆාරා රූමි වෘත්තියෙන් හෙදියක සහ වෛද්‍ය විශේෂඥවරියක වන අතර, ඇය ස්විට්සර්ලන්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකාවකි. ඇයගේ පියා මොහොමඩ් ‘රූමි’ මොහිදීන් වන අතර මව ඉස්ෆියා රූමි ය. ෆාරා රූමි මුලින්ම කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. 
1998 වසරේදී, වයස අවුරුදු 6 දී, ඇය සිය පවුලේ අය සමඟ ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වී ඇත. 2021 වසරේ සිට ඇය ග්‍රෙනචෙන් නගරයේ නගර සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් සිටී. 

මීට අමතරව ඇය පුරවැසිභාවය පිළිබඳ කොමිසමේ සාමාජිකාවක, ස්පිටෙක්ස් ග්‍රෙනචෙන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක සහ ආබාධිත පුද්ගලයන්ට සහය වන රොඩේනියා පදනමේ පාලක මණ්ඩල සාමාජිකාවක ලෙස ද ඇය කටයුතු කරයි.

ඇය සොලොතර්න් ප්‍රාන්තයේ සංක්‍රමණිකයන් පිළිබඳ මණ්ඩලයේ සම-සභාපතිනිය ලෙසද කටයුතු කර ඇත. ෆාරා රූමි, පාර්ලිමේන්තුවේ දී ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති, සමාජ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති සහ සමාන අවස්ථා ලබාදීම යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන්නීය. 

මෙම දෙසැම්බරයේ ඇය ජාතික සභාවේ දෙවන උප සභාපතිවරිය ලෙස තේරී පත් වූ අතර, 2027 වසරේදී ඇය නැවත තේරී පත්වුවහොත්, 2028 වසරේදී ජාතික සභාවේ සභාපතිනිය බවට පත්වීමට අවස්ථාව උදා වනු ඇතැයි ද පැවැසෙයි.

Classified_Ad