
ඇමෙරිකා ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් බිහි කරන දරුවන්ගේ සංඛ්‍යාව, නව යොවුන් වියේ මව්වරුන් බිහි කරන දරුවන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය සමාජයේ දිගුකාලීන වෙනස්කම් කිහිපයක ප්‍රතිඵලයක් බවය.
පසුගිය දශක කිහිපය තුළ නව යොවුන් වියේ ගැබ්ගැනීම් සහ දරු උපත් වාර්තාගත ලෙස පහළ ගොස් ඇත.
ඒ අතරම, අවුරුදු 40 සිට 44 දක්වා කාන්තාවන් අතර දරු උපත් ක්‍රමයෙන් යෑමට පටන් ගෙන ඇත.
එසේ වුවත්, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 40ට පසු ගැබ්ගැනීමේදී අධි රුධිර පීඩනය, ගර්භණී දියවැඩියාව සහ ඇතැම් සංකූලතා ඇතිවීමේ අවදානම තරමක් වැඩි විය හැකි බැවින්, එවැනි ගැබ්ගැනීම් විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කිරීම වැදගත් බවය
The Brain Maze ඇසුරිනි