
කෘතිම බුද්ධියනේ පණ ගැන්වූ නොයෙක් විධියේ රොබෝවරුන් සහ රොබෝ යන්ත්‍ර ආරක්ෂක අංශවලට සම්බන්ධ කර ගැනීම දියුණු රටවල සුලබව දකින්න ලැබේ. ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ඩබ්ලින් පොලිස් දෙපාර්තමේන්තුව ද අපරාධ මැඩීමේ අරමුණින් රොබෝ පොලිස් නිලධාරියකු රාජකාරියේ යොදවා ඇත.
අවාසනාවකට ඩබ්බොට් (DubBot) නමැති මෙම රොබෝ පොලිස් නිලධාරියාට, මාස 10ක් පුරා කිසිම වැදගත් ප්‍රතිඵලයක් පෙන්වීමට නොහැකි විය. එහෙයින්, ඩබ්බොට් සේවයෙන් නෙරපා දැමීමට සිදුවිය.
ඩබ්බොට්, Knightscope K5 වර්ගයට අයත්, අඩි පහක් උස, රාත්තල් 400 ක් බර රොබෝවෙකි. මෙම රොබෝ, 2025 ජූලි මාසයේදී පොලිස් සේවයට බදවා ගැණුනු අතර, රොබෝට පැවරී තිබුණේ රථ ගාලක් මුර කිරීමය.
වටපිටාව අංශක 360 කින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් කැමරා, දෙපැත්තටම සන්නිවේදනය කළ හැකි ඕඩියෝ පද්ධති වගේම හදිසි අවස්ථාවකදී පොලිස් මූලස්ථානයට සෘජුවම සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව ද මෙම රොබෝ සතු විය.
තාක්ෂණයෙන් දියුණු වුවත්, මාස 10ක සේවා කාලය ඇතුළත මේ රොබෝ පොලිස්ට එකම එක නීති විරෝධී වැඩක් අල්ලා ගැනීමට නොහැකි විය. එකම එක දඩ කොළයක් නිකුත් කිරීමට හෝ සැබෑ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වෙන විදිහේ එකම එක සිදුවීමක් වාර්තා කිරීමට පවා නොහැකි වුණු බව පැවැසෙයි.
ලුසිත ජයමාන්න
CNN ඇසුරිනි