වැඩක් නැතත් වැඩක් ඇති තයිමස් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 4, 2026

වැඩක් නැතත් වැඩක් ඇති තයිමස්

අප සිරුරේ පපුව මැද, පියයුරු අස්ථියට පිටුපසින් කුඩා, මේදමය අවයවයක් ඇත. ‘තයිමස්’ (Thymus) ග්‍රන්ථිය යනු මෙයයි. කුඩා කාලයේදී ශරීරයට ඇතුළු වන රෝග කාරක සහ පිළිකා සෛල විනාශ කරන ‘T සෛල’ (T-cells) නමැති සුදු රුධිරාණු නිපදවීමට මූලික වන්නේ මෙම ග්‍රන්ථියයි. 

ඒත්, වැඩිවිය පැමිණීමෙන් පසු කිසිදු ප්‍රයෝජනයක් නොමැති, අවයවයක් ලෙස මෙය පිළිගැනෙයි. එබැවින්, හෘද සහ පෙනහළු ආශ්‍රිත සැත්කම්වලදී මෙය ඉවත් කිරීමට ශල්‍ය වෛද්‍යවරු ක්‍රියා කරති. එසේ වුවත්, හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නවතම පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ, අප වයසට යද්දී පවා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විවිධත්වය සහ සෞඛ්‍යය නියාමනය කිරීමට තයිමස් ග්‍රන්ථිය සක්‍රියව දායක වන බවය.

Brain Maze ඇසුරිනි

Classified_Ad