
කෙනෙක් ඈනුම් අරිද්දී, එය දකින අපට නිරායාසයෙන්ම ඈනුම් යෑම සාමාන්‍ය දෙයකි. ඔබ දන්නවාද මේ පුරුද්ද අපට ලැබෙන්නේ අප මවු කුසේ සිටිද්දීය.
‘කරන්ට් බයෝලොජි’ නමැති වෛද්‍ය විද්‍යා සගරාවේ පළ වන නව පර්යේෂණ වාර්තාවකට අනුව, විද්‍යාඥයන් ගැබිනි මව්වරුන් සහ ඔවුන්ගේ කුස තුළ සිටින කලලයන් (Fetuses) නිරීක්ෂණය කර ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ මව ඈනුම් අරින විට, කුස තුළ සිටින බිළිඳා ඈනුම් අරින ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යන බවය.
අප සාමාන්‍යයෙන් කෙනෙක් ඈනුම් අරිනවා දැක හෝ සමාජයීය පුරුද්දක් ලෙස හෝ එය අනුකරණය කළත්, මවුකුස තුළ සිටින බිළිඳාට මව දෙස බැලීමේ හැකියාවක් නැත.
විද්‍යාඥයන් පවසන්නේ මව සහ කුස තුළ සිටින දරුවා අතර ඇතිවන මේ අපූරු චර්යාත්මක ගැළපීම (Behavioral synchronization) සිදුවන්නේ ඇසට පෙනෙන දෙයකින් නොව, මවගේ ශරීරයෙන් නිකුත් වන යම් ජීව විද්‍යාත්මක හෝ කායික සංඥා (Physiological signals) හේතුවෙන් බවය.
Brain Maze ඇසුරිනි