
‘Kantara: Chapter 1’ චිත්‍රපටයේ කනකවති ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ සුරූපී රුක්මිණී වසන්ත්ගේ කැපී පෙනෙන රංගනයක් ද ‘Toxic: A Fairy Tale for Grown-Ups’ සිනමාපටයෙන් දකින්න ලැබේ. සුපිරි නළු යෂ්, කියාරා අද්වානි, නයන්තරා, හුමා කුරේෂි සහ තාරා සුතාරියා වැනි සුපිරි තරු පිරිවරාගත් මෙම දැවැන්ත නිර්මාණයේ රුක්මිණී වසන්ත් පණපොවන්නේ 'මැලීසා' ගේ චරිතයටය.
චිත්‍රපටය තිරගත වීමත්, ඊට ලැබෙන යහපත්, අයහපත් ප්‍රතිචාර අතරේ, චිත්‍රපටයේ ඇති 29 හැවිරිදි රුක්මිණීගේ සරාගී දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙයි.
මෙය, රුක්මිණීගේ රසික රසිකාවියන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි. ඇය 'ටොක්සික්' වැනි චිත්‍රපටයක, සරාගී දසුන්වලට පෙනී සිටීමට තීරණය කළේ ඇයිදැයි ඇගේ රසික රසිකාවියෝ විමසති.


1996 දෙසැම්බර් 16 වනදා ඉන්දියාවේ බෙංගලූරු හිදී උපත ලැබූ රුක්මිණී වසන්ත්, වර්තමාන දකුණු ඉන්දීය සිනමාවේ කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් වූ ප්‍රමුඛතම රංගන ශිල්පිනියකි.
ඇගේ පියා 2007 වසරේදී රට වෙනුවෙන් දිවි පිදූ අශෝක චක්‍ර සම්මානලාභී කර්නල් වසන්ත් වේනුගෝපාල් වන අතර, මව ප්‍රවීණ භරතනාට්‍ය ශිල්පිනී සුභාෂිණී වසන්ත් ය.
කුඩා කල සිටම කලාත්මක පරිසරයක හැදී වැඩුණු ඇය, රංගනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලන්ඩනයේ පිහිටි සුප්‍රකට 'Royal Academy of Dramatic Art' (RADA) ආයතනයෙන් හදාරමින් සිය ශිල්පීය හැකියාවන් තවදුරටත් ඔප්නංවා ගත්තාය.
2019 වසරේ නිකුත් වූ 'Birbal Trilogy' කන්නඩ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රුක්මිණී වසන්ත්, රංගන දිවියේ විශාලතම හැරවුම් ලක්ෂ්‍යය වූයේ 2023 වසරේ 'Sapta Saagaradaache Ello' (Side A / Side B) චිත්‍රපටවල 'ප්‍රියා' ලෙස දැක්වූ අතිදක්ෂ රංගනයයි. ඒ වෙනුවෙන් ඇය Filmfare Critics Award සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
Kantara: Chapter 1 චිත්‍රපටයේ කනකවති ලෙස ...
ඉන්පසු රුක්මිණී වසන්ත්, රිෂබ් ශෙට්ටිගේ 'Kantara: Chapter 1' චිත්‍රපටයේ 'කනකවති' ගේ චරිතය හේතුවෙන් ඇය වයා රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඒක් රොක් වූහ.
කණ්ණඩ සහ තෙලිගු සිනමාවට පමණක් සීමා වුණු රුක්මිණී වසන්ත්, දැන්, යෂ් ප්‍රධාන චරිතය නිරූපණය කරන, 'Toxic: A Fairy Tale for Grown-Ups' හරහාඇය සමස්ත ඉන්දියානු සිනමාව තුළම තමන්ගේ නම සටහන් කර අවසන්ය.
