ලොව ගැඹුරුම තැන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Dec 29, 2020

ලොව ගැඹුරුම තැන

මරියානා අගාධය ලොව ගැඹුරුතම ස්ථානයයි. සාගරයේ ගැඹුරුතම ස්ථානයයි. එහෙත්, ගොඩබිම ගැඹුරුතම ස්ථානය කුමක්දැයි මෙතෙක් අප දදැන සිටියේ නැත. ඒ බව පසුගිය දා අනාවරණය විය.

ගොඩබිම ලොව ගැඹුරුම ස්ථානය, ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් යට සැඟවී ඇත. නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඇති මෙම ග්ලැසියරය ඩෙන්මන් නමින් හැඳින්වෙයි.


මේ ස්ථානය භූ විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ කැනියමක් ලෙසය. කැනියමක් යනු උස් බෑවුම් සහිත පටු, ගැඹුරු නිම්නයකි. එසේත් නැතිනම් ගැඹුරු දොරුවකි. මෙම කැනියම අඩි 11,616 ක් ගැඹුරුය. සැතපුම්වලින් නම් 2.2 කි.

භූ විද්‍යාඥයන්ට මෙම කැනියම හමුවූයේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු අතරේ කඳු සහ නිම්න ආදිය සිතියම් කරද්දීය. ඒ සඳහා පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා ද යොදා ගැණුනි.


ඇන්ටාක්ටිකාව නමැති අයිස්වලින් මිදුණු මහත්වීපය නිර්මාණය වූ ආකාරය සහ එහි අනාගතය සම්බන්ධයෙන් කරුණු කාරණා රැසක් නිර්ණය කර ගැනීමට මෙම සිතියම්ගත කිරීම වැදගත් බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

‘මේක සුවිශේෂී මෙන්ම වැදගත් සොයා ගැනීමක්. ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවලට යටින් ඇත්තේ කුමක්දැයි අපට දැනගන්න ලැබුණා.’ යැයි වසර 6 ක් තිස්සේ අයිස් තට්ටු සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින මැතිවු මොර්ලිගම් පවසා ඇත. මැතිවු මොර්ලිගම්, ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි.

‘ද සන් ඇසුරිනි’

Classified_Ad