වැස්ස අඩුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 5, 2021

වැස්ස අඩුවෙලා

ඉකුත් දෙසැම්බර් මාසයේ දී දිස්ත්‍රික්ක 16ක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය පහත වැටී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වර්ෂාපතනය සියයට 50කින්, මන්නාරමේ සියයට 29කින්, වව්නියාවේ සියයට 13කින්, ත්‍රිකුණාමලයේ සියයට 3.8කින්, පුත්තලමේ සියයට 19කින්, පොළොන්නරුවේ සියයට 14කින්, කුරුණෑගල සියයට 32කින්, මාතලේ සියයට 18කින්, අම්පාරේ සියයට 15කින්, මහනුවර සියයට 42කින්, නුවරඑළියේ සියයට 18කින්, ගම්පහ සියයට 18කින්, කොළඹ සියයට 16කින්, කළුතර සියයට 44කින්, රත්නපුරේ සියයට 17.4කින් සහ හම්බන්තොට සියයට 35කින් එලෙස වර්ෂාපතනය අඩු වී තිබේ.

ශාන්තකර කලාපයේ පවතින ලා නිනා තත්ත්වය ඇතුළු හේතු රැසක් මෙලෙස වර්ෂාපතනය අඩු වීමට බලපෑ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා කීය.වර්ෂාපතනය අඩු වීමට බලපෑම නිශ්චිත හේතුවක් අධ්‍යයනය කර නැතැයි ද ඔහු කීවේය.

ලා නිනා කාලගුණ රටාව නිර්මාණය වන්නේ ශාන්තිකර සාගර කලාපයේ ය. එම රටාවට අනුව දැඩි සුළං මඟින් ශාන්තිකර කලාපය මතුපිට තිබෙන උණුසුම් ජලය දකුණු ඇමෙරිකාවේ සිට ඉන්දුනීසියාව දෙසට රැගෙන යයි.නැගෙනහිර, ඌව සහ ගිනිකොන පළාත්වල දැනට තිබෙන ක්‍රියාකාරී වළාකුළු තත්ත්වය හේතුවෙන් රටේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවා වැසි හෝ අකුණු ඇති වැසි ඇද හැළෙනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවා දැඩි වැසි ඇද හැළෙනු ඇතැයි ද සබරගමුව, බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ක ඉක්මවා වැසි ඇද හැළෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හම්බන්තොට, මඩකලපුව සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇද හැලෙනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.සුළං වේගය හදිසියේ වැඩි වීම (පැයට කිලෝමීටර 70-80) හේතුවෙන් දැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කළ හැකි යැයි ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.නාවික හා ධීවර ප්‍රජාවලට විමසිල්ලෙන් සිටින්නැයි ද එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

ඩේලිමිරර්

Classified_Ad

Classified_Ad_News_Bottom