මුසවේනී දිගටම ජනාධිපති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 17, 2021

මුසවේනී දිගටම ජනාධිපති


මුසවේනීගේ ජය සමරමින්...

වසර 35 ක් තිස්සේ උගන්ඩාවේ ජනාධිපති ධුරය රැඳී සිටින යොවේරී මුසවේනී තව දුරටත් ජනපති ධුරය හොබවනු ඇතැයි එරට මැතිවරණ කොමිසම පවසයි.

උගන්ඩා ජනාධිපතිවරණය පසුගිය දා පැවැත්විණි. 

1986 වසරේ සිට ධුරයේ රැඳී සිටින 76 හැවිරිදි යොවේරී මුසවේනී ඊට ඉදිරිපත් වුණු අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ දේශපාලනයට නවකයකු වන 38 හැවිරිදි පොප් ගායකයෙකි. ඔහු බොබී වයින් ය. 

ජනාධිපතිවරණයෙන් මුසවේනී ඡන්ද මිලියන 5.85 ක් දිනා ගත් බවත් ප්‍රතිශතයක් ලෙස එය 58.64 ක් බවත් මැතිවරණ කොමිසම පවසයි. බොබී වයින් ට දිනා ගැනීමට හැකි වී ඇත්තේ ඡන්ද මිලියන 3.48 කි. ප්‍රතිශතයක් වශයෙන් එය 34.58 කි.

ඒ අනුව, තවත් වසර 6 ක කාලයකට මුසවේනී ජනපති ධුරය හොබවනු ඇත.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී, හමුදා සොල්දුදාවන් තම නිවසට කඩා වැදී තමන් නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි බවට බොබී වයින් චෝදනා කර තිබේ. 
බොබී වයින්ගේ ආධාරකරුවෝ පිරිසක්

ඡන්ද අක්‍රමිකතා සිදුවේවි යැයි බියක් පැවැති බැවින්, මැතිවරණ කටයුතු විශේෂ ආරක්ෂාවක් යටතේ සිදුවිය. 

බොබී වයින් ප්‍රමුඛ මර්දනයට ලක් වී සිටින විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් චෝදනා නගන්නේ ජනාධිපතිවරණය දූෂිත එකක් බවටය.

උගන්ඩාවේ කොරෝනා වයිරසය ද ව්‍යාප්ත වෙමින් පවතී. එහෙයින්, මැතිවරණ කටයුතු පැවැත්වූයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුවය.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom