දෙසැම්බරයේ උද්ධමනය ඉහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

දෙසැම්බරයේ උද්ධමනය ඉහළට

ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 4.2ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස නොවැම්බර් මාසයේදී සියයට 4.1ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම බැංකුව කියයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙලෙස මතුපිට උද්ධමනය ගණනය කරනු ලැබේ.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ සියයට 10.3ක් වූ බවත් එය දෙසැම්බර් මාසයේදී සියයට 9.2ක් දක්වා පහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේ වුවත් ආහාර නොවන කාණ්ඩායේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 1.6ක පැවැති බවත් එය දෙසැම්බර් මාසයේදී සියයට 2.0ක් දක්වා ඉහළ ගිය බවත් එම බැංකුව කියයි.
















Classified_Ad

Classified_Ad_News_Bottom