සිනමාශාලා විවෘතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

සිනමාශාලා විවෘතයි

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව ඊයේ (1) මෙරට සිනමා ශාලා විවෘත කළ බව චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව මහතා පැවැසීය.

ඒ අනුව මෙරට සිනමා ශාලා 184න් 100කට වැඩි සංඛ්‍යාවක් විවෘත කිරීමට හැකියාව ලැබුණු බව ද හෙතෙම කීය.

‘කොවිඩ්-19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස්’ යටතේ ‘කොවිඩ්-19 අවදානම තුළ සිනමා ශාලා සඳහා මාර්ගෝපදේශ’ යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ තිබේ.

සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ අනුව සිනමාශාලාවලට ගෙන්වා ගත හැක්කේ ඒවායේ ආසාන සංඛ්‍යාවෙන් (ධාරිතවයෙන්) සියයට 25ක් පමණි. 

එය වැඩි කරන්නේ ද නැද්ද සහ සිනමාශාලා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග දින 14කට පසු තීරණය කරන බව ද අනුරාධ බී. රැකව මහතා කීය.

ඇතැම් සිනමා ශාලා සඳුඳා සිට බ්‍රහස්පතින්දා ප්‍රදර්ශන වාර ගණන අඩු කර ඇති බවත් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා ප්‍රදර්ශන වාරග ගණන වැඩි කර ඇති බවත් ඔහු කීවේය.
ඊට අමතරව ඇතැම් ශාලා විවිධ ප්‍රවර්ධන භාවිත කරන බවත් ඇතැම් ඒවා ඊයේ දිනයේදී මුල් දර්ශන වාරය කිසිදු මුදල් අය කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ බවත් ඔහු පැවැසීය.

තව සති දෙකකින් පමණ ඉංග්‍රීසි සහ දෙමළ ඇතුළු වෙනත් භාෂාවල චිත්‍රපට පෙන්වීම ආරම්භ කරන බව ද ඔහු කීය.

දෙමළ චිත්‍රපට නිකුත් නොවීම නිසා ඊයේ දිනයේදී දමිළ චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කරන සිනමාශාලා විවෘත නොවූ බවත් පසුගිය වසරේ මාර්තු 12 වැනිදා සිට කිසිදු දමිළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ බවත් හෙතෙම කීවේය.

Classified_Ad

Classified_Ad_News_Bottom