සියලුම දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 23, 2021

සියලුම දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් හමුවෙලා

ගතවු පැය 24ක කාලය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් හමුවී ඇතැයි 'කොවිඩ් -19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

අද (23) පෙරවරු 06.00 න් අවසන් වු පැය 24 තුළ මෙරටින් නව ආසාදිතයන් 787 දෙනෙකු හදුනා ගත් බව එම නිවේදනයේ දැක්වෙයි. 

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී අතර, එම සංඛ්‍යාව 139 ක් යැයි පැවැසෙයි. 

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) දිනයේ දෛනික දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 108 කි. 

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (22) ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන ගැණුනි. මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් ඊයේ (22) දිනෙය් කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද වාර්තා වේ.

Classified_Ad