විනිසුරුවරියන් දෙදෙනකු මරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jan 18, 2021

විනිසුරුවරියන් දෙදෙනකු මරලා

ඇෆ්ගන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනකු කාබුල් අගනුවරදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. 

විනිසුරුවරියන් දෙදෙනා උදෑසන රාජකාරී සඳහා යමින් සිටිද්දී, ඔවුන් ලුහුබැඳ යතුරු පැදිවලින් ආ තුවක්කුකරුවන් ඔවුන්ට වෙඩි තබා පලා ගොස් ඇත.

විනිසුරුවරියන් ඝාතනය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් වගකීම බාරගෙන නැත. 

එය තලේබාන් ත්‍රස්තවාදීන් කළ ඝාතනයක් යැයි සැක කෙරේ. 

පසුගිය කාලයේ ඇෆ්ගන් විනිසුරුවරුන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනා මේ අයුරින් වෙඩි තබා ඝාතනය කෙරුණි.

රොයිටර්

Classified_Ad