ගිවිසුමට අනුව වැඩ කළොත් සම්බාධක ඉවතට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2021

ගිවිසුමට අනුව වැඩ කළොත් සම්බාධක ඉවතට

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පැනැවූ සම්බාධක ඉවත් කිරීමට නම්, ඉරානය යළිත් වරක් 2015 වසරේ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමට අනුව කටයුතු කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

මතභේදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන්, 2015 දී ඇමෙරිකාව මැදිහත් වී, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය ජර්මනිය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය එක් කර ගනිමින්, න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගත්තේය. 

ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමා වන අතර, ඔබාමාගේ දෙවැනියා ලෙසත් ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙසත් කටයුතු කළේ ජෝ බයිඩන්ය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුණු අවස්ථාවේ පටන්, ඊශ්‍රායලයටත් සෞදියටත් කන් දෙමින් ඉරානයට විරුද්ධව ක්‍රියා කළ අතර, 2015 වසරේ ඇතිකර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර, ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වුවත් සෙසු රටවල් එම ගිවිසුමට අනුව දිගටම කටයුතු කළේය. 

ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් කර ගැනීමෙන් පසු, ජනාධිපති ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනැවීය. එසේ පැනැවූයේ 2015 ට පෙර ඇමෙරිකාව ඉරානයට පනවා තිබූ වෙළෙඳ සහ ආර්ථික සබඳතාය. 

‘කොවිඩ් 19’ වයිරසය හමුවේ, ඉරානය දැඩි ලෙස පීඩාවට පත් වූයේ එම ඇමෙරිකන් සම්බාධක හේතුවෙනි. 

ට්‍රම්ප් ඉරානයට සම්බාධක පනවද්දී, ඉරානය 2015 දී න්‍යෂ්ටික එකඟතාවට අදාල කොන්දේසි කඩ කරමින් කටයුතු කළේය. 2015 වසරේ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමට අනුව කටයුතු කරන්නේ නම් පමණක්, සම්බාධක වහා ඉවත් කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉරානයට පවසා ඇත්තේ එහෙයිනි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom