වූහාන් ගිය කණ්ඩායමට හෝඩුවාවක් ලැබිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2021

වූහාන් ගිය කණ්ඩායමට හෝඩුවාවක් ලැබිලා

වයිරසයේ සුලමුල සොයමින් වූහාන් ගිය ජගත් විමර්ශකයන්ට වැදගත් හෝඩුවාවක් ලැබිලා වූහාන් නුවරදීය (රොයිටර්) ගෝලීය වසංගතයක් බවට පත් වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සොයමින්, වූහාන් නුවරට ගොස් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ විමර්ශන කණ්ඩායමට, වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවක් ලැබී ඇතැයි පැවැසෙයි. 

මෙම ‘වැදගත් හෝඩුවාව’ ලැබී ඇත්තේ විමර්ශන කණ්ඩායම වූහාන් සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළට ගොස් විමර්ශන සිදු කරද්දීය. ලොව රටවල් රැසක් නියෝජනය කරමින්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ මෙම විමර්ශන කණ්ඩායමට එක් වී සිටිති. 

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සත්ව විද්‍යාඥයකු වන මහාචාර්ය පීටර් ඩැසැක් ද ඒ අතර සිටී. ‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවුණැයි සැක කෙරෙන වූහාන් සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළට ගොස් විමර්ශනය සිදුවූයේ ඩැසැක්ගේ ප්‍රධානත්වයෙනි.  එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවෙමින්, ඩැසැක් පැහැදිලි කළේ වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවක් ලැබුණු බවය. 

කෙසේ නමුත් හමුවුණු එම ‘වැදගත් හෝඩුවාව’ කුමක්දැයි යන්න ඩැසැක් මාධ්‍ය වෙත අනාවරණය කළේ නැත. මහාචාර්යවරයා පැහැදිලි කළේ අනිද්දා (10) සම්පූර්ණ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරද්දී එම ‘හෝඩුවාව’ කුමක්දැයි දැනගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවනු ඇති බවය. 

14 දෙනකුගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමේ, වූහාන් නුවර සිදු කළ විමර්ශන කටයුතු අනිද්දා (10) අවසන් වෙයි.  එහිදී, රැස්කරගත් සියලු තොරතුරු මාධ්‍ය හමුවේ හෙළි කිරීමට ඔවුන් සූදානම් බව ද පැවැසෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom