ඔක්ස්ෆර්ඩ් එන්නතෙන් වැඩක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2021

ඔක්ස්ෆර්ඩ් එන්නතෙන් වැඩක් නෑ

දකුණු අප්‍රිකානුවන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමෙන් පලක් නොවන බව එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. 

දකුණු අප්‍රිකා බලධාරීන් මෙසේ තීරණය කෙළේ එරට පැතිරෙන ‘කොවිඩ් 19’ වයිරස විකෘතිය අඩපණ කිරීමට එම එන්නතට හැකියාවක් නැතැයි තහවුරු වීමෙන් අනතුරුවය. 

පසුගිය සති කීපය පුරාවට දකුණු අප්‍රිකානුවන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගත්තේය. 

එසේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බොහෝ දෙනකු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු අතර, පසුව අනාවරණය වී ඇත්තේ ඔවුන්ට ආසාදනය වූ වයිරසය දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘතිය බවය. 

‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇති සියයට 90 කට ආසාදනය වී ඇත්තේ මෙම නව විකෘති ප්‍රභේදය යැයි ද පැවැසෙයි. 

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රා සෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භක ප්‍රභේදය මර්දනය සඳහාය. එය සාර්ථක වී ඇත. 

එම ආරම්භක ප්‍රභේදය හැඳින්වෙන්නේ ‘501වයි.වී2’ යන නමිනි. ‘කොවිඩ් 19’ වයිරසය මේ වනවිට විකෘති වී නව ප්‍රභේද නිර්මාණය කර ඇත. 

දකුණු අප්‍රිකාවෙන් පමණක් නොව, එංගලන්තයෙන්, බ්‍රසීලයෙන් පවා නව විකෘති ප්‍රභේද හඳුනාගෙන ඇත. 

ඒ කිසිදු ප්‍රභේදයක්, මෙතෙක් නිපදවා ඇති කිසිදු ප්‍රතිශක්තිකරණ එන්නතකින් මර්දනය කළ නොහැකි බව පැවැසෙයි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom