ලොකුම වේල්ල හදන්න චීනය සැරැසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

ලොකුම වේල්ල හදන්න චීනය සැරැසෙයි

ජල විදුලි බලාගාරයක් ඉදි කිරීමේ අරමුණින්, ටිබෙටයේ යර්ලාංග් සැංග්පෝ ගංගාව හරස් කරමින්, වේල්ල තැනීමට චීනය සූදානම් වෙයි. 

ඉදිකිරීම් අවසන් කළහොත් ලොව විශාලතම වේල්ල වනු ඇත්තේ මෙය යැයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම විදුලි බලාගාරයට හරහා ගිගාවොට් 60 ක විදුලිය ධාරිතාවක් උත්පාදනය කිරීමට චීනය බලාපොරොත්තු වෙයි.

 වේල්ල ඉදිවන්නේ ටිබෙටයට අයත් චීනය සතුව පවතින ප්‍රදේශයේය. 

කෙසේ නමුත් ටිබෙට් පරිසරවේදීන්ගෙන් මෙන්ම ටිබෙට් රජයෙන් ද මෙම වේල්ලට දැඩි ලෙස විරෝධයක් එල්ල වීමට පටන්ගෙන ඇත. 

වේල්ල ඉදි කිරීමෙන් හිමාල කඳු පාමුල පරිසර පද්ධති රැසක් විනාශ වනු ඇති බව ජගත් පරිසරවේදීන් ද බිය පළ කර ඇත. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom