පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ සතුට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Feb 11, 2021

පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ සතුට

sample-ad-complete-big
Imran+Khan
‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී මරණයට පත් වන මුස්ලිම් ජාතිකයන් මෘත දේහ භූමදානය කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී දුන් සහතිකය සතුටින් පිළිගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‘කොවිඩ්-19’ ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානයට අවසර ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. 

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ. 

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකු අවසන් වරට මෙරට සංචාරය කළේ ඉකුත් 2016 වසරේ දී ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව එවකට පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මෙරට සංචාරයක නිරත විය. පාකිස්තානය යනු යුද සමයේ දී ශ්‍රී ලංකාවට ආයුදමය වශයෙන් සහාය දුන් ප්‍රමුඛ රටකි. 

ඊට අමතරව, පාකිස්තානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී ශ්‍රී ලංකාවට සහාය දෙමින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ රටකි.

Classified_Ad