චීනයේ සහාය ශ්‍රී ලංකාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 27, 2021

චීනයේ සහාය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පක්ෂපාතී යැයි එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ප්‍රකාශ කළේය. 

මිත්‍රශීලී අසල්වැසියකු ලෙස චීනය අවංකවම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජනවාර්ගික සහයෝගීතාවය සහ ජාතික සමගිය පවත්වා ගෙන යෑමට සහයෝගය දෙන බව ද චෙන් ෂූ මහතා පැවැසීය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා එම කරුණු සඳහන් කළේය. 

එහිදි අදහස් දැක්වූ චෙන් ෂූ මහතා මෙසේ ද කීය. 

''ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී අසල්වැසියකු ලෙස චීනය අවංකවම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජනවාර්ගික සහයෝගීතාවය සහ ජාතික සමගිය පවත්වා ගෙන යෑමට සහයෝගය දක්වන අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයේ ඉදිරි ජයග්‍රහණ අපේක්ෂා කරනවා මානව හිමිකම් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම, තිරසර ආර්ථික හා සමාජ සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව හා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ආදී කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයන් ගැන ද අප ප්‍රශංසා කරනවා. 

මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම, මානව හිමිකම් ගැන කටයුතු කරන ඇතැමුන්ගේ දෙබිඩි පිළිවෙත සහ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සඳහා නිදහසට කරුණක් ලෙස මානව හිමිකම් භාවිත කිරීම ආදී කටයුතු වලට දැඩිව විරුද්ධ වීම චීනයේ ස්ථාවරයයි. 

ශ්‍රී ලංකාව පිළිබඳ මෙම සැසිවාරයට ඉදිරිපත් කොට ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ ඇති පැහැදිලි පක්ෂපාතී බව පිළිබඳව අපි සැලකිලිමත් වන අතර ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන නිල තොරතුරු භාවිත කිරීමට එම වාර්තාව අපොහොසත් වීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. 

ඊනියා “වැළැක්වීමේ මැදිහත්වීම” සහ වාර්තාවේ අඩංගු යෝජිත ඉලක්කගත සම්බාධක යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට පැහැදිලි මැදිහත්වීමක් වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට හිමි බලය ඉක්මවා යෑමක්. 

මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සියලු‍ ජාතීන්ගේ ස්වෛරීභාවයට හා දේශපාලන ස්වාධීනත්වයට ගරු කිරීම සහ මෙම ආයතන අපක්ෂපාතීත්වය, සහ දේශපාලනීකරණය නොවීම ආදී මූලධර්ම දැඩි ලෙස අනුගමනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතීන් දරන උත්සාහයන්ට ගරු කිරීම, ඵලදායී සංවාද හා සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම සහ දේශපාලන බලපෑම් කිරීමේ අරමුණින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ පුරුද්ද අත්හැරීම වැදගත් වෙනවා.''

Classified_Ad

Classified_Ad_News_Bottom