'කෝවැක්ස්' හරහා පළමු එන්නත් තොගය ඝානාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 25, 2021

'කෝවැක්ස්' හරහා පළමු එන්නත් තොගය ඝානාවට

'කෝවැක්ස්' හරහා පළමු එන්නත් තොගය ඝානාවට 'කොවිඩ් 19' වසංගතයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලොව තෙවැනි ලෝකයේ රටවලට බෙදා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කළ 'කෝවැක්ස්' වැඩසටහන හරහා පළමුවෙන් එන්නත් ලැබුණේ අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයටය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය 'කෝවැක්ස්' වැඩසටහන ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය ද හවුල් කර ගනිමිනි. එන්නත් බෙදා හැරීම සිදු කරන්නේ යුනිසෙෆ් ආයතනයයි‍. 

මෙම 2021 අවසන් වීමට පෙර, 'කෝවැක්ස්' වැඩසටහන යටතේ කොවිඩ් එන්නත් බිලියන 2 ක් ලොවපුරා බෙදාහැරීම තම අරමුණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. 

ඝානා රාජ්‍යයට හිමිවූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000 කි. බටහිර අප්‍රිකානු රටක් වන ඝානාව, 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන රාජ්‍යයකි. 

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 80,700 කි. මරණ වාර්තා වන්නේ 580 ක් ලෙසය. 

කෙසේ නමුත් එරට සිදු කරන PCR පරීක්ෂණ අඩු බැවින් සැබෑ ආසාදිතයින් සහ මරණ ගණන මීට වඩා වැඩි යැයි බිය පළ කෙරේ.

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom