මුඛ එන්නත වෙනුවට සැනිටයිසර් දීලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 2, 2021

මුඛ එන්නත වෙනුවට සැනිටයිසර් දීලා

පෝලියෝ මුඛ එන්නත වෙනුවට අත්වැරදීමකින් අවුරුදු පහට අඩු කුඩා දරුවන් 12 දෙනකුට විෂ බීජ නාශක දියර (සැනිටයිසර්) ලබාදීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුවත්මාල් දිස්ත්‍රික්කයේ පිටිසරබද ගම්මානයකින් වාර්තා වෙයි. 

ගම්මානයේ දරුවන්ට පෝලියෝ මුඛ එන්නත ලබා දීම පසුගිය ඉරිදා (31) සිදු කෙරුණේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මැදිහත් වීමෙනි. 

‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුයෙන් පෝලියෝ මුඛ එන්නත් බෝතල් ගෙනැවිත් ඇත්තේ සැනිටයිසර් දියර ද සමඟ යැයි පැවැසෙයි. 

එක් දරුවකු වමනය දමා රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ අවස්ථාවේදී සිදුවුණු අත්වැරදීමේ බරපතලකම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අවබෝධ වී ඇත. 

දරුවන්ගේ මාපියෝ සිදුවුණු දේ අවබෝධ කර ගැනීමෙන් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. මාපියන් සෞඛ්‍ය සේවිකාවන්ට පහරදීමට තැත් කළ බව ද පැවැසෙයි. 

අත්වැරදීමෙන්, සැනිටයිසර් පෙවීමට ලක් වුණු දරුවන් 12 දෙනා යුවත්මාල් ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වෛද්‍යවරුන් පවසා තිබේ. 

එන්.ඩී.ටීවී.

Classified_Ad

Classified_Ad_News_Bottom