
ශ්‍රී ලංකාව හා ලිචෙයින්ස්ටයින් (Liechtenstein) රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කළ අතර ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
බටහිර යුරෝපා කලාපයට අයත් ලිචෙයින්ස්ටයින් රාජ්‍යය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි.
මෙම රාජ්‍යය ඉතා ඉහළ ආදායම් සහිත යුරෝපා රටක් ලෙස සැලකේ.
1961 අප්‍රෙල් 18 වැනි දින අත්සන් කෙරුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.