පෙම්වතියන් ගැන විස්තර සපයන්නේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 6, 2021

පෙම්වතියන් ගැන විස්තර සපයන්නේ නෑ

පෙම්වතුන්ට සිය පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සැපයීම නොකරන බවට සදහන් කරමින් සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත. 

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මීළඟ ගුවන් යානයේ තම පෙම්වතිය ලියාපදිංචි වී ඇද්දැයි විමසමින් විවිධ පුද්ගලයන් කොන්සල් ජනරාල් කාර්යාලයට දුරකථන ඇමැතුම් ලබාදෙන බැවින් මෙලෙස ෆේස්බුක් සටහන් යොදා ඇති බව සඳහන් වේ. 

සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනේ මෙසේද සදහන් වේ. 

'පෙම්වතුන්ට විස්තර සපයනු නොලැබේ. තම පෙම්වතිය ඊළග ගුවන් යානයට ලියාපදිංචි වී ඇත්දැයි සෙවීමට විවිධ පුද්ගලයින්ගේ නම් වලින් දුරකථන ඇමතුම් ලැබෙමින් පවතී. පසුගිය ගුවන් යානයේ ගමන් ගත් අය ශ්‍රී ලංකාවට පැමිණියේ දැයි සෙවීමට මෙබදු ඇමතුම් රැසක්ද කොන්සල් කාර්යාලයට ලැබී තිබුණි. පෙම්වතුන් පෙම්වතියන් තම තමන්ගේ ගැටලු පෞද්ගලික මට්ටමෙන් විසඳාගත යුතුය. කොන්සල් ජනරාල් කාර්යාලය සතු කිසිදු තොරතුරක් නාඳුනන පුද්ගලයන්ට ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න. එසේම පෞද්ගලික විස්තර ඉල්ලීමෙන් වළකින ලෙසත් අදාළ පාර්ශ්වයන්ට කාරුණිකව දන්වනු කැමැත්තෙමි.' යැයි ද එම සටහනින් ශ්‍රී ලාංකික පෙම්වතුන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.

Classified_Ad