බ්‍රිතාන්‍යයේ නව ප්‍රභේදය ලංකාවටත් ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

බ්‍රිතාන්‍යයේ නව ප්‍රභේදය ලංකාවටත් ඇවිල්ලා

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් 'කොවිඩ් 19' වයිරසයේ විකෘති ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින්  වාර්තා වී ඇතැයි  ශ්‍රී ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කරයි.

මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව සාමාන්‍ය 'කොවිඩ් 19' වයිරසය මෙන් නොව සියයට 80 කින් වේගවත් යැයි පැවැසෙයි. මෙරට තුළ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීමට හේතුවක් වී ඇත්තේ මෙම නව ප්‍රභේදය නිසා විය හැකි යැයි ද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සැක පළ කර තිබේ.

ශ්‍රී ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය නිරන්තරයෙන් කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.

 PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හදුනාගත් පුද්ගලයින්ගෙන් හා කොවිඩ් පොකුරු හමුවූ ප්‍රදේශවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව ලබාගත් ජෛව සාම්පල 92 ක් ඇසුරින් පරීක්ෂණ සිදු කළ බවත් එහිදී කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් විකෘති ප්‍රභේදය හමුවුණු බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom