වාහන 100 ක් එක පොදියට හැපිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 13, 2021

වාහන 100 ක් එක පොදියට හැපිලා

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ අධිවේගී මාර්ගයක වාහන 100 ක් එක පොදියට, එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. 

අනතුරින් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට හේතුව වූයේ පවතින ශීත කාලගුණය හේතුවෙන්, අධිවේගී මාර්ගය අයිස්වලින් මිදී යෑම යැයි ටෙක්සාස් රථ වාහන පොලිසිය පවසයි. 

වේගයෙන් ආ වාහන එකිනෙක හැපී එක පොදියට ගොඩ ගැසෙද්දී, බොහෝ දෙනකු වාහන තුළ සිරවිය. 

ගිනි නිවන භටයන්ගේ ද සහාය ඇතිව මෝටර් රථවල දොරවල් සහ වහල කපා ඉවත් කරමින් සිරවී සිටි පිරිස් ඉවතට ගැණුනි. බරපතල ලෙස තුවාල ලැබූ පිරිස් හෙලිකොප්ටර් මාර්ගයෙන් රෝහල් වෙත රැගෙන යෑම සිදුවිය. 

ඒ.එෆ්.පී.

Classified_Ad