අඟහරු ගිය රොබෝ යානා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 19, 2021

අඟහරු ගිය රොබෝ යානා

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, පසුගිය 2020 වසර අභියෝග පිරුණු එකක් විය. ඒ අභියෝග මැද එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, චීනය සහ ඇමෙරිකාව අඟහරු මෙහෙයුමක් ඇරැඹීය. 

2020 ජූලි මාසයේ අඟහරු පෘථිවියට ළං වී පිහිටි අතර, එහි වාසිය ලබා ගනිමින්, එමිරේට්ස් රාජ්‍යය, චීනය සහ ඇමෙරිකාව ඔවුන්ගේ ගවේෂණ යානා අඟහරු වෙත යැවීම සිදු කළේය. එමිරේට්ස් රාජ්‍යයයේ ‘අමල්’ ගවේෂණ යානය සහ චීනයේ ‘ටියැංවෙන් 1’ ගවේෂණ යානය පිළිවෙළින් පසුගිය 9 වැනිදාත් 10 වැනිදාත් අඟහරු වෙත පැමිණියේය. 

‘අමල්’ යනු කක්ෂීය යානයකි. ‘ටියැංවෙන් 1’ යානය යානා 3 කින් සමන්විතය. කක්ෂීය යානයක්, පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් ඊට ඇතුළත් වෙයි. 
පසුගිය 10 වැනිදා අඟහරු කක්ෂයට පිවිසි ‘ටියැංවෙන් 1’ යානය මැයි මාසය වතතුරු කක්ෂයේ රැඳී සිටිනු ඇතැයි වාර්තා වේ. පතිත කරවන යානය අඟහරු මත පතිත කිරීම මැයි මාසයේ දී සිදුවනු ඇති අතර, ඒ තුළ ඇති රෝවරය අඟහරු මතුපිට ඔබමොබ යමින් ගවේෂණයේ යෙදෙනු ඇත්තේ ඉන්පසුවය. 

 මෙම යානා අතරින් සුවිශේෂී යානය වන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවූ ‘පර්සිවරන්ස්’ නමැති රොබෝ යානයයි. 

‘පර්සිවරන්ස්’ අද (19) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම් කාලයේ අඟහරු මත පතිත කෙරුණි. නාසා ආයතනය පෙන්වා දුන්නේ එය අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් බවය. 

‘පර්සිවරන්ස්’ යානයේ ඇති විශේෂත්වය වන්නේ ඒ තුළ කුඩා හෙලිකොප්ටර් ඩ්‍රෝන යානයක් ද ඇත. රෝවරය බිමින් ගවේෂණ සිදු කරද්දී, හෙලිකොප්ටරය අඟහරුගේ ගුවනේ සිට ගවේෂණ කටයුතු සිදු කරනු ඇති බව නාසා ආයතනය පැහැදිලි කරයි. 

‘පර්සිවරන්ස්’ කැප්සියුලය අඟහරු කක්ෂයට ළං වෙද්දී, රෝවරය අඩංගු කැප්සියුල කොටස වෙන් වී, අඟහරු කක්ෂයට පිවිසීම සිදුවිය. එය සිදුවූයේ පැයට කිලෝ මීටර් 20,000 ක වේගයකිනි. 

 කැප්සියුලය සෙල්සියස් අංශක 1,300 ක තාපයකට ලක් විය. කැප්සියුලය තුළ ඇති රෝවර් යානය එම අධික තාපයෙන් ආරක්ෂා කිරීමට විශේෂ ආවරණයක් යොදා තිබුණි. 

‘පර්සිවරන්ස්’ රෝවරය ගොඩබෑමට තෝරා ගෙන තිබුණේ ‘ජෙසිරෝ’ නමැති ආවාටයයි. ඒ, අතීතයේ දී අඟහරු මතුපිට ජීවය පවතින්න ඇතැයි යන්න සම්බන්ධයෙන් හෝඩුඩාවක් ලබා දීමට, ‘ජෙසිරෝ’ ආවාටයට හැකිවේවි යැයි නාසා විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි. 

වායුගෝලය හරහා පහළට ඇදී එන යානයේ වේගය පැයට කිලෝ මීටර් 1,500 තෙක් අඩු කිරීම සිදුවූයේ කැප්සියුලයේ ඇති තෙරපුම් පද්ධතියයි. වායුගෝලයට ඇතුළු වී මිනිත්තු 3 ක් ගත වෙද්දී, එනම්, අඟහරු මතුපිට සිට කිලෝ මීටර් 11 ක් ඉහළදී, කැප්සියුලයට සම්බන්ධ මීටර් 21 ක් විශාල යෝධ පැරෂූට් ක්‍රියාත්මක විය. ඒ, තවත් වේගය අඩු කිරීමටය. එසේ වුවත් පැරෂූට් ආධාරයෙන් රෝවරය පතිත කිරීමට වේගය අඩු නොවන බව නාසා විද්‍යාඥයෝ කල් තියා දැන සිටියහ. 

ඒ අනුව, කැප්සියුලයෙන් මිදී වෙන් වීමට රෝවරයට උපදෙස් දී තිබුණි. රෝවරයේ කුඩා ජෙට් ඇන්ජින් ක්‍රියාත්මක වී, යානය පියාසර කරමින්, ‘ජෙසිරෝ ආවාටයට ආරක්ෂිතව ගොඩබෑම සිදුවිය. 

‘පර්සිවරන්ස්’ කැප්සියුලය අඟහරු කක්ෂයට ඇතුළු වීම සහ කැප්සියුලයෙන් වෙන්වුණු ‘පර්සිවරන්ස්’ රෝවර් යානය අඟහරු මතුපිටට ගොඩබෑමට ගතවුණු කාලය මිනිත්තු 7 කි. පෘථිවියේ සිට ‘පර්සිවරන්ස්’ යානය හැසිරවීම සිදු කරන්නේ ගුවන් විදුලි සංඥා මගිනි. 

ගුවන් විදුලි සංඥා ගමන් කරන්නේ ආලෝකයේ වේගයට සමාන අයුරිනි. පෘථිවියේ සිට නිකුත් කෙරෙන සංඥා අඟහරු යානයට යන්නේ මිනිත්තු 7 ක ප්‍රමාදයකිනි. 

ඒ අනුව, පෙර ලබා දී ඇති උපදෙස් අනුව, යානයට අඟහරු මතුපිටට ගොඩබාන තෙක් නාසා විද්‍යාඥයන්ට සහ යානය හසුරුවන තාක්ෂණ ශිල්පීන්ට කල් බැඳීමට සිදුවිය. 

මෙම මිනිත්තු 7 ක කාලය නාසා ආයතනය නම් කර කිබු‍ෙළු් ‘තීරණාත්මක මිනිත්තු 7’ යනුවෙනි. 

නාසා ආයතනයේ ‘පර්සිවරන්ස්’ රෝවර් යානය, මාස 7 ක ගමනකින් පසු, අඟහරු මතට පතිත කිරීම, අභ්‍යවකාශ ගවේෂෙණයේ ඓතිහාසික සිදුවීමක් යැයි එය සජීවීව නැරැඹූ ඇමෙරිකනා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 

‘පර්සිවෙරන්ස්’ රෝවර් යානය අඟහරු මතට පතිත කිරීම, නාසා ආයතතය ලොව සෑම කෙනකුටම සජීවී ලෙස නැරැඹීමට අවස්ථාවක් ලබා දී තිබුණි. ඒ, ඔවුන්ගේ පණිවුඩ හුවමාරු අන්තර් ජාල ලිපියනයක් හරහා ලොවට ප්‍රසිද්ධ කරමිණි. ඒ අනුව ලොව බොහෝ දෙනෙක්, ‘පර්සිවරන්ස්’ රෝවර් යානය, අඟහරු මත පතිත කිරීමේ ‘වික්‍රමය’ සජීවීව නැරැඹූහ. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ සිට එම දසුන් නැරැඹූවේය. මෙහෙයුම සාර්ථකවීමෙන් පසු බයිඩන්, නාසා ප්‍රධානීන් සහ ‘පර්සිවරන්ස්’ මෙහෙයුමට සම්බන්ධ ප්‍රධානීන් අමතමින් සුබ පැතුවේය. 

මේ අතර, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ආර්යාව බ්‍රිජෙත් ත්‍රොග්නෝව්, පැරිස් නුවර අභ්‍යවකාශ කටයුතු පිළිබඳ අධ්‍යයන ආයතනයට ගොස් ‘පර්සිවරන්ස්’ රෝවර් යානය අඟහරු මතට පතිත කරන අයුරු සජීවීව නැරැඹීමට අමතක නොකළාහ. 
ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු වෙත යැවූ ‘පර්සිවරන්ස්’ නමැති රොබෝ රෝවර් යානය මේ වනවිට අඟහරු ගවේෂණය ආරම්භ කර තිබේ. ‘පර්සිවරන්ස්’ රෝවර් යානය ලබා ගත් ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට නාසා විද්‍යාඥයන්ට ලැබුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. 

නාසා ආයතනය අඟහරු ගවේෂණයට රොබෝ රෝවර් යානයක් යැවූ පස්වැනි අවස්ථාව මෙයයි. 

රෝවර් යානා යනු රෝදවලින් සමන්විත ගවේෂණ යානා වන අතර මේවා අඟහරු මතුපිට ඔබමොබ යමින් පස් සාම්පල රැස් කිරීම, විශ්ලේෂණය සහ දත්ත ලබා ගැනීම, ඡායාරූප සහ වීඩියෝ දසුන් ලබා ගැනීම සිදු කරයි.
රෝවර් යානය මුලින්ම එවූ ඡායාරූප

‘පර්සිවරන්ස්’ රෝවරයේ මෙහෙයවීම් සිදු කරන්නේ නාසා ජෙට් ප්‍රචාලන ඒකකයේ තාක්ෂණ ශිල්පීන්ය. ඩොලර් බිලියන 2.2 ක් වැය කර නිපදවූ, රෝද හයකින් සමන්විත මෙම රෝවර් යානය අඟහරු මත පතිත කිරීම අසීරු මෙහෙයුමක් වූ අතර, දශමයකින් හෝ අඩුපාඩුවක් සිදුවූයේ නම්, මෙහෙයුම අසාර්ථකවීමට ඉඩ තිබුණි.

ඒ.එෆ්.පී ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom