
ලොව අඩුම සංවර්ධනයක් ඇති රටවල් 47 සිටින දුප්පත් ජනතාවට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කර සහයෝගයෙන් වැඩ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදල පිහිටුවා ඇත.
එහි ඉහළම තනතුර විධායක ලේකම් තනතුරයි.
එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ ප්‍රධාන කාර්යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇත.
එම සංවිධානය ආරම්භ කරන ලද්දේ 1966 වසරේදී ය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මූල්‍ය ඒවායේ උපරිම ධාරිතාවයෙන් අවප්‍රසාදිත ප්‍රජාවලට, කාන්තා හා තරුණ පිරිස්වලට යෙදවීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණකි.
ප්‍රීති සිංහාට පෙර මෙම ධුරය හෙබවූයේ ජුඩිත් කාල් ය. ඇය වසර 30කට අධික කාලයක් එක්සත් ජාතීන්ගේ විවිධ තනතුරු හෙබවූවා ය.
ගෝලීය ආයෝජන සහ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු හොබවා ඇති ප්‍රීති සිංහාට මෙම ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් ඇත.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් හාවර්ඩ් කෙනඩි විශ්වවිද්‍යාලයේ රාජ්‍ය විධායක අධ්‍යාපන වැඩසටහනෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ප්‍රීති සිංහා ලෝක ආර්ථික සමුළුවේන් ගෝලීය නායකත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හොබවයි.
යේල් කළමනාකරණ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය සහ පෞද්ගලික කළමනාකරණය පිළිබඳව ද ශාස්ත්‍රපති උපාධියක් ද හිමිකරගෙන ඇත.
ඊට අමතරව ඇය ආර්ථික විද්‍යාව සහ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.
පී.ටී.අයි. ඇසුරිනි