ක්‍රිකට් විනිසුරු සංගමයේ නව සභාපති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

ක්‍රිකට් විනිසුරු සංගමයේ නව සභාපති

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත් විය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා නව සභාපති ලෙස තෝරා පත් කර ගැනීම සිදුවූයේ ඊයේ (12) පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමේදීය.

"ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ පූර්ණ කාලීනව විනිසුරුවරුන් ලෙස කටයුතු කරන 500කට අධික පිරිසක් ඉන්නවා. කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් තරග පැවැත්වීමක් සිදුවුණේ නැහැ. එහෙයින් ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න අවශ්‍යයි. මෙවැනි කාරණාවලට මූලිකත්වයක් ලබාදීලා සංගමය ඉදිරියට ගෙනයෑම මගේ අරමුණයි" යැයි නව සභාපති ලෙස වැඩ භාර ගනිමින් දොලවත්ත මහතා පැහැදිලි කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom