තීන්දුව වෙනස් කළාට ඇමෙරිකාව සතුටින් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

තීන්දුව වෙනස් කළාට ඇමෙරිකාව සතුටින්

‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කළ යුතු බවට ගෙන තිබූ තීන්දුව වෙනස් කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයින් බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

‘කොවිඩ්-19’ ආසාදිත මෘතදේහ ආදාහනය කිරීම නැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සතුටින් පිළිගන්නා බව ද ඇය සඳහන් කර ඇත. 

 ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව අදාළ පිළිවෙත වෙනස් කිරීමත් ආගමික වත් පිළිවෙත්වලට ගෞරව කිරීමත් ධනාත්මක ක්‍රියාවක් යැයි ද ඇය සඳහන් කර ඇත. 

මේ අතර සාමකාමී ලෙස විරෝධතා කිරීම වැදගත් අයිතියක් යැයි ද එය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණයක් යැයි ද තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත. 

ඇය නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ. ‘සාමකාමී ලෙස විරෝධතා කිරීමට ඇති අයිතිය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වැදගත් අයිතියක් හා ලක්ෂණයක්. ඒ වගේම වැදගත් සහ නිත්‍යනුකූල කරුණු කාරණාවලට සවන් දිය යුතුයි. 

පොතුවිල් සිට පේදුරු තුඩුව දක්වා පැවැති පාගමන දෙමළ මාධ්‍ය ආවරණය කර තිබුණා. කොළඹ කේන්ද්‍රීය මාධ්‍ය ඊට වැඩි ප්‍රසිද්ධියක් නොදුන්නේ ඇයි ද කියා මා කල්පනා කරනවා.’

Classified_Ad

Classified_Ad_News_Bottom