බීබීසී චීනයේ තහනම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

බීබීසී චීනයේ තහනම්

බීබීසී ලෝක සේවයේ විකාශන කටයුතු අත්හිටුවා දැමීමට චීන රජය තීරණය කර ඇත. 

චීන රජය මෙසේ බීබීසී ලෝක සේවය නැවැත්වීමට තීරණය කළේ, චීන රජයට අවාසියක් වන අයුරින්, චීනයේ සුළු ජාතික උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් පුවත් විකාශය කළ නිසාය. 

එම පුවත් විකාශය චීන වැසියන්ගේ සමඟියට බාධාවක් වූ බවත්, චීන වැසියන් අතරේ වෛරය ඇති කිරීමට හේතුවක් වී ඇති බවත් චීන රජය පෙන්වා දී ඇත. 

චීනය එරට මුස්ලිම් උයිගුර් වැසියන් දැඩි ලෙස මර්දනයට ලක් කරයි. එම උයිගුර්වරුන් රඳවා තැබෙන්නේ විශේෂ කඳවුරු තුළය. nදාදුවන්ගෙන් උයිගුර් තරුණියන්ට අතවර සිදු කරන බවටත් චෝදනා එල්ල වී තිබේ. 

උයිගුර් වැසියන් මුල්කොට ගනිමින් චීනය මානව හිමිකම් කඩ කර ඇතැයි ඇමෙරිකාව නිරන්තරයෙන් චෝදනා නගා තිබේ. 

ලෝක දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මේ වනවිට චීනයත් මහා බ්‍රිතාන්‍යයත් අතර මාධ්‍ය යුද්ධයක් නිර්මාණය වී ඇති බවය. කෙසේ නමුත් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අවහිර කරමින් චීන රජය මෙසේ බීබීසී ලෝක සේවය තහනම් කිරීම රටවල් බොහොමයක විරෝධයට හේතුවක් වී ඇත. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom