ඇමෙරිකන් බුද්ධි අංශ විශ්වාස කරන්න එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

ඇමෙරිකන් බුද්ධි අංශ විශ්වාස කරන්න එපා

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භ සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධි අංශ ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් මත විශ්වාසය තැබිය නොහැකි යැයි චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ දූත පිරිස සඳහන් කළේය. 

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසයේ ආරම්භ පිළිබඳ තොරතුරු සෙවීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පසුගිය මාසයේදී චීනයට පැමිණියේ ය. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් 2019 වසරේ දෙසැම්බර් මාසයේදී වයිරසය පැතිර යෑම ආරම්භ වූයේ යැයි සැක කෙරේ. 

චීනයේ වූහාන් නුවරට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ දූත පිරිසේ විමර්ශනය පසුගිය 9 වැනිදා අවසන් විය. එම විමර්ශනයේ විනිවිදභාවය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් ඊට චීනය අපක්ෂාපතීව සහ විනිවිදභාවයෙන් සහාය දුන්නේ ද යන්න සම්බන්ධයෙක් සැකයක් පවතින බවත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. වයිරසය ආරම්භය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් අවධාරණය කරන විට ඇතැම් රටවල් මේ කරුණ දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන්නේ යැයි චීනයේ චෝදනා කළේය. 

 කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයන් මෙම විමර්ශනය සම්බන්ධයෙන් සිය පෞද්ගලික ට්විටර් ගිණුම් තුළින් අදහස් දැක්වීම ද විශේෂත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයන් චීනයෙන් පිටත් වීමට නියමිතව තිබිණි. ඔවුන් පිටත්වීමට නියමිතව තිබියදී විමර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු සහ මත ඉදිරිපත් වීමට ද පටන් ගෙන තිබේ. 

නව කොරෝනා වයිරසය වූහාන් නුවර පිහිටි පරීක්ෂණාගාරයකින් කාන්දු වූ බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෙන් එන්බාරෙක් පැවැසීය. 

මෙම කණ්ඩායමේ සාමාජිකයකු වන පීටර් දසාක් වයිරසයේ ආරම්භය භූදේශපාලනික කරුණකට සම්බන්ධ කළේය. ‘‘ජනාධිපති ජෝ බයිඩන් චීනය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරනවා. කරුණාකර ඇමෙරිකානු බුද්ධි තොරතුරු මත විශ්වාසය තබන්න එපා. ට්‍රම්ප් පරිපාලනය යටතේ බොහෝ පැතිවලින් වැරැදි සිදුවුණා. වැරැදි තීන්දු තීරණ ගත්තා’’ යැයි පීටර් දසාක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

දැඩි දේශපාලනීකරණය වූ පරිසරයක් තුළ සිය උපරිමයෙන් රාජකාරී කළ බව ද හෙතෙම සඳහන් කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අදාළව ඔහු එම කරුණු සඳහන් කර තිබිණි. 

ඇමෙරිකාව මෙම විමර්ශනයට පූර්ණ සහයෝගය දෙන නමුත් චීනය විමර්ශනයට විනිවිදභාවයෙන් යුතුව සහයෝගය දැක්වූයේ ද සහ සියලු තොරතුරු ලබාදුන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ඉකුත් දා පැවැසීය. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම සිය රටට පැමිණීම ප්‍රමාද කිරීමට ද චීනය අවස්ථා කිහිපයකදීම පියවර ගත් බව ද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom