මහනුවර කොන්සල් කාර්යාලයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2021

මහනුවර කොන්සල් කාර්යාලයක්

විදේශ අමාත්‍යාංශයේ මහනුවර ප්‍රාදේශීය නව කොන්සියුලර් කාර්යාලයක් අද (6) සවස 2.00 ට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජනතාවට විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය කියා සිටී. 

මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම මඟින් මධ්‍යම පළාතේ සහ යාබද ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වෙත ගමන් ගැනීමකින් තොරව කොන්සියුලර් සේවා රැසක් ලබා ගැනීමට හැකි බවද එම අමාත්‍යාංශය සදහන් කරයි. 

මෙම නව කොන්සියුලර් කාර්යාලය හරහා විදේශවල දී භාවිතය සඳහා උප්පැන්න, මරණ හා විවාහ සහතික, අධ්‍යාපනික සහතික සහ වෙනත් නීතිමය ලියවිලි යනාදිය සහතික කිරීම, විදේශවල දී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහය වීම, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සහ වන්දි ඉල්ලීම් හා විදේශවලින් මෘත දේහයන් ගෙන්වා ගැනීම ආදී කොන්සියුලර් සේවා ලබා ගත හැකි බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය පේරාදෙණිය ගැටඹේ, අංක. 1065 දරණ ස්ථානයේ පිහිටි මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දෙවැනි මහලේ ස්ථාපිත කර ඇත.

සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා එහි රාජකාරි කටයුතු සිදු කෙරෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

කොන්සියුලර් සේවා පිළිබද විස්තර 081 2384410 යන දුරකථන අංකයෙන් හා kandy.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශ කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom