චීන එන්නත ආවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 31, 2021

චීන එන්නත ආවා

චීනෙයන් ලැබුණු සිනොෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා තොගය භාරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගියේය.

චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් රැගෙන පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) උදෑසන 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා විය. 

ඉන්පසු එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන්තොටුපොළේ දී නිල වශයෙන් භාරගනු ලැබීය. 

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු එම එන්නත් තොගය භාරගැනිමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. 

සිනොෆාම් එන්නත් තොගය පළමු අදියර යටතේ මෙරට වෙසෙන චීන ජාතිකයින් සඳහා දිවයිනේ ස්ථාන 4 කදී ලබාදීමේ කටයුතු සිදුකිරිම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැහැදිලි කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom