මැතිසබයේ විශ්වාසය දිනාගන්න වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 5, 2021

මැතිසබයේ විශ්වාසය දිනාගන්න වෙලා

පාකිස්තාන පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට, එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට සිදුවී ඇතැයි වාර්තා වේ. 

‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට, පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට සිදුවූයේ, සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් එම පක්ෂය දරුණු ලෙස පසුබෑමට ලක්වීමත් සමඟය. පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් මණ්ඩලය ආසන 48 කින් සමන්විතය. 

පසුගිය 3 වැනිදා පැවැති මැතිවරණයෙන්, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අබ්දුල් හෆිස් ෂෙයික් ට ඔහුගේ සෙනෙට් අසුන ද අහිමි විය. අබ්දුල් හෆිස් ෂෙයික්, ඉම්රාන් ඛාන්ගේ රජයේ මුදල් අමාත්‍යවරයාය. 

ෂෙයික්, පරාජය කිරීමට සමත් වූයේ පාකිස්තාන විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන ජනතා පක්ෂයයි. ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන යූසොෆ් රාසා ගිලානි ය. 

ඒ.එෆ්.පී.

Classified_Ad