උතුරු කොරියාවටත් එන්නත් ලැබෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 5, 2021

උතුරු කොරියාවටත් එන්නත් ලැබෙනවා

‘කොවැක්ස්’ වැඩසටහන ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් මාත්‍රා ලක්ෂ 17 ක් උතුරු කොරියාවට ලැබීමට නියමිතය. 

මෙම එන්නත් තොගය උතුරු කොරියානුවන්ට ලැබෙනු ඇත්තේ ලබන මැයි මාසයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘කොවැක්ස්’ වැඩසටහන හරහා ලොව දිළිඳු රටවලටත් තුන්වැනි ලෝකයේ රටවලටත් එන්නත් දීම සිදු කරයි. 

එන්නත් බෙදීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය හරහාය. ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 දෙසැම්බර් මාසයේ චීනයෙනි. 

චීනය උතුරු කොරියාවේ සමීපතම අසල්වැසියා වන නමුත් මෙතෙක් උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වී නැත. උතුරු කොරියාව සිය දේශසීමා වසා දමා දැඩි සංචරණ සීමා පැනැවීමට කටයුතු කළ බැවිනි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom