අගමැති මහින්දට උණුසුම් පිළිගැනීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 20, 2021

අගමැති මහින්දට උණුසුම් පිළිගැනීමක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර ගුවන්තොටුපොළට පැමිණි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. 

අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට, බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය ගුවන්තොටුපොළට පැමිණ සිටියාය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ දෙදින සංචාරයක නියැලෙන්නේ ද බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුවය.

ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සිදුවූයේ හමුදා උත්තමාචාර මැදය. 
බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ ඩකා අගනුවර දී පැවැත්විණි. 

ලබන 2022 වසර වන විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 50ක් සම්පූර්ණ සම්පූර්ණ වෙයි. 

 මෙම හමුවේ දී දෙරට අතර පවතින රාජතාන්ත්‍රික, වාණිජ හා ආයෝජන සබඳතා තව දුරටත් ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.

පසුගිය වසර කිහිපයේ බංග්ලාදේශයේ පැවැති ඉහළ ආර්ථික වර්ධන වේගය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් ඒකාබද්ධ උපදේශන කොමිසම (Joint Consultative Commission) ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. 

දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකාබද්ධ උපදේශන කොමිසම ක්‍රියාත්මක වනු ඇත. මෙම සාකච්ඡාව සඳහා බංග්ලාදේශ විදේශ අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ. 

තොරතුරු සහ ඡායාරූප 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 
මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි

Classified_Ad

Classified_Ad_News_Bottom