රුපියල තවත් පහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mawitha Ads

Mar 27, 2021

රුපියල තවත් පහළට


ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (26) නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් දැක්විණි. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් (17) වැනිදා ය. 

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.5කින් අවප්‍රමාණය වී ඇත.

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe