සූවාස් ඇළේ නැව් ගමන් යථා තත්ත්වයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Mar 30, 2021

සූවාස් ඇළේ නැව් ගමන් යථා තත්ත්වයට

sample-ad-complete-big
Suez-Canal-Free-2021
සිරවී තිබුණු 'එවර්ගිවන්' නැව මුදාගැනීමට හැකිවීමත් සමඟ සූවස් ඇළේ දින 6 ක් තිස්සේ සිරවී තිබුණු සෙසු භාණ්ඩ ප්‍රවාහන නැව් ඇළ හරහා ඉහළටත් පහළටත් ගමන් කිරීම ආරම්භ කර ඇති බවත්, සූවස් ඇළේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වී ඇති බවත් වාර්තා වේ. 

සූවස් ඇළේ අයිතිය ඇත්තේ ඊජිප්තුවට වන අතර, සූවස් ඇළේ පාලනය ඇත්තේ සූවස් ඇළ පාලන අධිකාරියටය. 

සූවස් ඇළ පාලන අධිකාරියේ ප්‍රධානී අද්මිරාල් ඔසාමා රාබී කියා සිටියේ සියලු නාවික කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වී ඇති බවත් නැව් ගමනා ගමන කටයුතු කිසිදු බාධාවකින් තොරන සිදුවෙමින් පවතින බවත්ය. 

අති දැවැන්ත 'එවර්ගිවන්' භාණ්ඩ ප්‍රවාහන නැව සූවස් ඇළේ පැත්තට සිරවී ගියේ පසුගිය 23 වැනිදාය. 

ඇළ ඉවුරේ වැලි තට්ටු අතරේ සිරවුණු නැව මුදා ගැනීම සිදුවූයේ නෙදර්ලන්ත විශේෂඥයන් කණ්ඩායමකගේ මෙහෙයවීමෙනි. 28 වැනිදා පුර පසළොස්වක දා වඩදියබාදිය සමඟ ටග් බෝට්ටු යොදා නැව තල්ලු කෙරුණි. 

මෙම කටයුත්තට ටග් බෝට්ටු 11 සහ තවත් ප්‍රබල ටග් බෝට්ටු දෙකක් භාවිතයට ගත් බව පැවැසෙයි. අවසානයේ 'එවර්ගිවන්' නැව සූවස් ඇළේ පා කිරීමට හැකියාව ලැබුණි. 

(අල් ජසීරා)

Classified_Ad