පාකිස්තාන ජනපතිටත් කොවිඩ් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 30, 2021

පාකිස්තාන ජනපතිටත් කොවිඩ්

පාකිස්තාන ජනාධිපති අරීෆ් අව්ලි 'කොයිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී තිබේ. තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු වූයේ යැයි පාකිස්තාන ජනාධිපතිවරයා නිවේදනය කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිණි.

තමන් කොවිඩ් 19 ආසාදිතයකු වූයේ චීනයෙන් ප්‍රදානය කළ 'සිනොෆාම්' එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව යැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

මීට දින කීපයකට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ ද කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරු විය. 

ඉම්රාන් ද 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වූයේ චීන ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දින කීපයක් ගත වෙද්දීය. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom